අපේ යෝජනා ක්‍රියාත්මක නොකරනවා නම් තීන්දුවක් ගන්න වෙයි. අපට ඇමතිකම් ලොකු නෑ – අමරවීර

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරදුන් යෝජනාවලිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන්ටත් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“තාත්තා උදේට ගිහිල්ලා ඉන්නවා තෙල් පෝලිමේ, අම්මා ගිහිල්ලා ඉන්නවා ගෑස් පෝලිමේ, පුතා යවනවා කිරිපිටි පෝලිමට. මේකයි අද මේ රටේ ඇතිවෙලා තියෙන තත්වය. දැන් පහුගිය දවස්වල අපි ගිහිල්ලා මේ තත්වය කිව්වා. ජනාධිපතිවරයා අපට ආරාධනා කළා සාකච්ඡාවකට. ප්‍රශ්නත් එක්කම අපි උත්තර අරගෙන දුන්නා මේ ආණ්ඩුවට, රට කොහොමද අද මේ තියෙන තත්වෙන් ගොඩ එන්නේ කියලා. ඒක ක්‍රියාත්මක කළොත් රට ගොඩ එයි, ක්‍රියාත්මක නොකළොත් රට ආපස්සට යයි. එතකොට අපට තීන්දු ගන්න වෙයි. රටක් ආපස්සට යනවා නම්, රටක් විනාශ වෙනවා නම් අපට ඇමතිකම් අරගෙන අපට ආණ්ඩුවෙ ඉන්න ඕනෙකමක් නෑ. අපට මේ තනතුරු ලොකු නෑ”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...