එක උණ්ඩයක්වත් නැතිව අපි ඇමරිකාවට යට වෙලා ඉවරයි! (VIDEO)

Date:

ආණ්ඩුව විසින් රටේ බලශක්ති ඒකාධිකාරය තමන්ට හිතෛෂී රටවල්වලට පැවරීමේ පෙර ගමන දැන් ආරම්භ කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියාට ඔහුගේ ජීවිතය වෙනුවෙන්, ඔහුගේ දරුවන් වෙනුවෙන් රටේ බලශක්තිය තමන්ට හිතවත් රටවලට පැවරීමේ කාර්ය සිදුකරමින් සිටින බවටයි මන්ත්‍රීවරය චෝදනා කරන්නේ.

මෙරට ඉන්ධන සම්බන්ධයෙන් සියලු තීරණ ඉදිරියේදී ගනු ලබනු ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගම වන අතර යුගදනවිය ආරම්භ වීමෙන් පසු රටේ විදුලි සැපයුම ගැන තීන්දුව ගන්නේ ඇමරිකාව බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට එක උණ්ඩයක් හෝ භාවිතා නොකර අපි ඇමරිකාවට යටත්ව සිටින බවත් එක බෝම්බයක් හෝ නොගහ අපි චීනයට යටත්ව සිටින බවත් කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාදාමයකින් තොරව ඉන්දියාවේ අතකොළුවක් බවට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...