පෝලිම්වලට හේතුව ජාත්‍යන්තර අර්බුද, පෝලිම් නැතිවෙන්න නං තව මාස හතක්වත් බලං ඉන්න – ලොකුග‍ේ

Date:

ලෝක වෙළඳපොලේ සිදුවන සිදුවීම් පාලනය කිරීමට හෝ මිල වෙනස්වීම් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය නොහැකි බවත්, එම තත්වයන්ට අනුගත වීමට ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාට සිදුවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. සමස්තයක් ලෙස මුලු ලෝකයේම ආර්ථිකය බරපතල ලෙස කඩාවැටී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ අපට ඩොලර් අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඒ් අනුව බවයි.

ජාත්‍යන්තර සාධක අමතක කර දමා ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් කතා කළ නොහැකි බවද ඔහු සඳහන් කරනවා.

ඉන්ධන, ගෑස් ඇතුළු සියලු ආනයනයන්ට මතුව ඇති ප්‍රධානතම බාධාව ඩොලර් හිගය බවත්, මෙම ගැටලුව අවසන්වීමට තවත් මාස කිහිපයක් ගතවන බවත් ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ අනුව අවම වශයෙන් තවත් මාය හයක්, හතක් යනතෙක් ඉන්ධන පෝලිම් හා ගෑස් පෝලිම් ඇතිවිය හැකි බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

මෙම සියලු අර්බුද විසඳා ගැනීමට නම් ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත ඉහළ නංවා ගතයුතු බව පෙන්වා දෙන ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ ඒ් සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි. විශේෂයෙන්ම සංචාරක හා අපනයන ක්ෂේත්‍රය වර්ධනය කිරීම එහිදී මූලික ඉලක්කය බවද ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...