වාසු ඇමතිකම තියාගෙන නිළ නිවසයි වාහනයයි බාර දෙයි !

Date:

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරි නිළ වාහනය සහ නිළ නිවාසය අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාර දී ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා පවසන්නේ නිළ නිවස සහ නිළ වාහනය ලේකම්වරයාට බාර දී පෞද්ගලික නිවසක ජීවත් වන බවයි. සිය සහෝදරයෙකු විසින් ලබාදුන් වාහනයක් භාවිතා කරන බවද ඔහු පවසනවා.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුරවලින් ඉවත්වීමෙන් පසුව වාසුදේව නානායක්කාර මහතා සිය ඇමති ධුරයට අදාල රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කළ අතර ඇමතිවරයා සඳහන් කළේ කැබිනට් රැස්වීම්ද වර්ජනය කරන බවයි. ඒ අනුව ඇමතිධුරයට අදාල රාජකාරි සිදු නොකරන බැවින් නිළ නිවස හා නිළ වාහනය භාවිතා කිරිම සදාචාර සම්පන්න නොවන බව ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...