කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවය පොළොන්නරුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): දීප ව්‍යාප්තව පවත්වනු ලබන ජංගම සේවා වැඩසටහන් මාලාවේ මෙවර වැඩසටහන පොළොන්නරුව ජනතා ක්‍රිඩාංගනයේදී මාර්තු මස 16 හා 17 දෙදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහනෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 16 දින පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතන සහභාගි වන අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද සිය දායකත්වය ලබාදෙයි.

විදේශ රැකියා අපේක්ෂිතයින්ට නව විදේශ රැකියා අවස්ථා ලබාගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවන අතර, කාර්යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචිය ලබාගැනීමටද මෙහිදී අවස්ථාව සැලසෙන අතර, මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව කාර්යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදෙස්ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන පහසුකම් රැසක්ද ලබාදීමට කටයුතු යොදා තිබේ. විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, පාසල් උපකරණ ලබාදීම, ප්‍රදේශයේ පාසල් සඳහා පන්ති කාමරවලට අවශ්‍ය Smart board බෙදාදීමටද නියමිතය.

තවද, විදේශ රැකියාවට ගොස් යලි දිවයිනට පැමිණ සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන පුද්ගලයින් ඇගයීම හා ස්වයං රැකියා කරන ශ්‍රමිකයින්ට සිය ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම සඳහා ආධාර ලබාදීමටද කටයුතු යොදා ඇති අතර, ඔවුන්ගේ නිශ්පාදන අලෙවිකිරීම සඳහා අලෙවි පොලක්ද පැවැත්වෙන අතර, මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නීතිඥයින්, පොලිස් නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමටද නියමිත අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය සංසදය පිහිටුවීමටද නියමිත බව පැවසේ.

මාර්තු මස 16 වන දින රාත්‍රියේ කුරුණෑගල බැජී සංගීත සංයෝජනයෙන් යුතුව දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...