භාරතීය ජනතා පක්ෂය පැවති මැතිවරණයෙන් ප්‍රාන්ත දිනා ගනී

0
237
LUCKNOW, INDIA FEBRUARY 20: Bharatiya Janata Party (BJP) supporters carry Yogi Adityanath cutout during a road show campaign by Chief Minister Yogi Adityanath (not in pic) in support of a BJP candidate Rajeshwar Singh (not in pic) from Sarojini Nagar assembly constituency for Uttar Pradesh assembly election on February 20, 2022 in Lucknow, India. (Photo by Deepak Gupta/Hindustan Times via Getty Images)

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ ඔහුගේ පක්ෂයේ හින්දු ජාතිකවාදී න්‍යාය පත්‍රයට තවදුරටත් සහතික කරමින් , රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය ඇතුළු ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ හතරකින් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (බීජේපී) පසුගියදා අවසන් වූ ප්‍රාන්ත මැතිවරනයෙන් ජයග්‍රහණය කරන්නට විය.

ව්‍යවස්ථාදායක ආසන 403 න් 255 ක් ලබා ගනිමින්, එරට වඩාත් ජනාකීර්ණ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැහැදිලි බහුතරයක් දිනා ගත් පක්ෂය භාරතීය ජනතා පක්ෂයයි. ඒ අනුව 1989 න් පසු ප්‍රාන්තයේ පිට පිටම වාර දෙකක් දිනා ගත් පළමු පක්ෂය බවට එම පක්ෂය පත් විය.

උත්තර් ප්‍රදේශ්හි භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය හින්දු බහුතරයක් සිටින එම ප්‍රාන්තයේ හින්දු පුජයෙකු බවට පත් වූ ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත්ගේ ජනප්‍රියතාවයට ඊට දැඩිව බලපෑවේය.

එහිදී ඔහු ඉන්දියාව හින්දුත්වය තුල පවතින රටක් බවට පරිවර්තනය කිරීම අරමුණු කරගත් ජනප්‍රියවාදී දේශපාලනයට නායකත්වය ලබා දුන්නේය.

මිලියන 200කට අධික ජනතාවක් වෙසෙන ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය බොහෝවිට ඉන්දියාවේ මහ මැතිවරණයේදී අපේක්ෂා කළ හැකි බොහෝ දෑහි පුර්ව විනිශ්ඡයකි.

උත්තර් ප්‍රදේශය එරට ව්‍යවස්ථාදායකයේ සභිකයින් රැසකට ඡන්දය ලබා දෙයි. භාරතීය ජනතා පක්ෂය මෙම ප්‍රාන්තයේ ජයග්‍රහණය ලබා තිබීම අගමැති මෝදි 2024 දී තුන්වන වරටත් මැතිවරණයට ඉදිරිපත් වන විට ඔහුට සහය වැඩි කිරීමට එය ඉඩ හසර පාදයි.

මෝදි උත්තර් ප්‍රදේශ් හි ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී ආදිත්‍යනාත්ට දැඩි ලෙස සහාය දක්වා ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා ලද ජයග්‍රහණයෙන් අදහස් වන්නේ ආදිත්‍යනාත් නැවත ප්‍රාන්තයේ මහ ඇමති ලෙස පත් කිරීමට නියමිත බවයි.

එහෙත් මෙය ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා ආසන 403 න් 312 ක් දිනා ගනිමින්, භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරා ගිය 2017 ප්‍රතිඵලයේ තරමක පසුබැසීමකි.

භාරතීය ජනතා පක්ෂය මනිපූර්, උත්තරකාන්ද් සහ ගෝවා යන ප්‍රාන්තවල මැතිවරණ ජයග්‍රහණය කළ අතර, උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ගේ පක්ෂය වන ආම් ආද්මි පක්ෂය, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය තෙවන තැනට ඇද දමා තිබේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වසර පහක කාලය තුළ ආදිත්‍යනාත් මුස්ලිම්වරුන්ට එරෙහි ඔහුගේ ප්‍රකෝපකාරී වචන සහ හැසිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here