පුටින්ගෙන් සැර ප්‍රකාශයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇගැයීමට ලක් කරමින් , රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ රුසියාවේ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි. ඉදිරි වසර 6කට නැවත ජනාධිපති ධුරයේ රැඳී සිටීම ඔහුගේ අරමුණ වී ඇතැයි ද මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

රුසියාවේ න්‍යෂ්ටික තාක්ෂණය අමෙරිකාවේ න්‍යෂ්ටික තාක්ෂණයට වඩා උසස් මට්ටමක පවතින බව සඳහන් කර ඇති පුටින් රුසියාවේ ස්වාධීනත්වය සම්බන්ධ අර්බුදයකදී න්‍යෂ්ටික අවි ඇතුළු ඕනෑම ආයුධයක් භාවිත කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...