නව සූර්‍යපැනල ව්‍යාපෘතියක් වෙනුවෙන් ගිවිසුම් ගත වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): හම්බන්තොට ගන්නොරුව සෝලාර් එනර්ජි පාක්  හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.

ව්‍යාපෘතිය දේශීය සංවර්ධයකයන් සහ ආයෝජකයන් 17 දෙනෙකු එකතුව සිදුවන අතර, මෙගාවොට් 10 බැගින් වන බලාගාර 13 කින් ද මෙගාවොට් 5 බැගන් වන බලාගාර 04 කින් ද සමන්විත වේ. ඒ අනුව සමස්ත ධාරිතාව මෙගාවොට් 150 ක් බව පැවසේ.

ලබන මැයි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, 2025 වසරේ මැද භාගය වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙහි විදුලිය සම්බන්ධ කිරීමටයි සැළසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම අවස්ථාවට අමාත්‍ය කංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...