ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන ජනපති

Date:

ශ්‍රී ලංකාවේ වසර තිහක කුරිරු යුද්ධයක් පසු පසු කළ කාලයේදී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාර්යක්ෂමව කටයුතු කිරීම පිළිබඳව මනා අවබෝධයක් සහිත වටපිටාවක් පසු කළ අයෙක්.

එසේම එවැනි කාල වකවානුවක දී ගැටලු දී ගැටළු වලට කඩිනමින් විසඳුම් සෙවීම පිළිබඳව මනා පළපුරුද්දක් ආරක්ෂක ලේකම් වශයෙන් එතුමා දරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ලොවම අර්බුදයකට ලක් වූ කොවිඩ් කාලය තුළදී සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව එහි කාර්යක්ෂම භාවය පිළිබඳව මැනවින් සලකා බලමින් කඩිනමින් පියවර ගැනීමට අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා.

පශ්චාත් කොරෝනා සමයේ ලොවේ සියලු රටවල් අර්බුද වලට මුහුණ දෙන විටදී ශ්‍රී ලංකාව තුළත් විවිධ වූ සම්පත් පිළිබඳව අර්බුද ඇති වූ බව නොරහසක්.එසේම ලෝක ආර්ථිකය තුළ බලපා ඇති ඩොලර් හිඟය ශ්‍රී ලංකාවටත් දැඩිව බලපා තිබෙනවා .

නමුත් රටේ එකදු පුද්ගලයෙක් වුවත් බඩගින්නේ නොතබා සිය කාර්යභාරය මැනවින් ඉටු කිරීමට ජනපතිට හැකියාව ලැබුණා.

වර්තමානයේ පවතින ඉන්ධන හිඟය මුවාවෙන් විපක්ෂය මැසිවිලි නගද්දී කඩිනමින් එයට විසඳුම් ගෙන ඒමටත් රටේ ආරක්ෂාව ලෝක අර්බුද හමුවේ සහතික කිරීමටත් එතුමන්ට හැකියාව ලැබී තිබෙනවා.

තනි පුද්ගලයෙකුට රටක් පාලනය කෙරෙහි විධායක බලය පැවරුණ ද එහි යාන්ත්‍රණය තුළ තවත් බොහෝ දෙනාගේ ක්‍රියාකලාපයන් සහ දායකත්වයන් බලපානු ලබනවා.

බල ලෝභී කම නිසා විපක්ෂය විසින් නිරන්තරයෙන් කල දුටු කල ඉහ ගන්නා වල පිළිබඳව අපි හොඳින් දන්නවා.සෘජු තීරණ ගන්නා මෙවැනි නායකයෙක් රටේ අනාගතය කිසිදිනක අපහසුතාවයට ලක් නොකරන බව බව අපට විශ්වාසයි.

Sponsored Article
ඇත්ත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...