ජානිපෙ නිමල් පියතිස්සත් ඉල්ලා අස්වෙයි

Date:

69 ලක්ෂයේ ජනවරම දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස මහතා පවසනවා.

ඒ අනුව ඔහු, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබේ. ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන බවයි මන්ත්‍රීවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් 69 ලක්ෂයේ ජනවරමට පිටුපාමින් සිටින බවත්, එම ජනවරම නිර්මාණය කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් දැක්වූ දේශපාලන පක්ෂ නායකයන් දෙදෙනක් ඇමති ධුරවලින් පහ කිරීමට තීරණය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් පියතිස්ස මහතා සඳහන් කරනවා. ආණ්ඩුව වෙත තිබූ ජනතා ප්‍රසාදය දිනෙන් දිනම හීනවෙමින් යන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ගොවි ජනතාව ඇතුළු සමස්ත ජන කොටස්වලින් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබෙන බවයි.

මෙම තත්වය මත ජනතා මතයට පටහැනිව ගමන් කරන ආණ්ඩුවක් මගින් ලබාදුන් තනතුරු තවදුරටත් දැරීම සිය හෘදසාක්ෂියට අනුකූළ නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් ඇමති තනතුරුවලින් පහ කිරීමෙන් පසුව ජානිපෙ නියෝජනය කරන ජයන්ත සමරවීර මහතාද සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : අල්ලස් කොමිසම විසින්...

පැතුම් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදරියෙන් තබයි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහභාගි වන...