*
Friday, March 14, 2025
spot_img

Latest Posts

ගමේ රගර් මිලින කරන්න එන ව්‍යවස්ථාවට පාර කැපීමෙන් දුෂ්ඨත්වය ඉතිහාස ගත වීම වැරද්දකි

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 14, (LNW)කොළඹ

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා මාධ්‍යෙව්දීන් ඉදිරිපිට රගර් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයක් තිබිණ.එය මා ඉලක්ක කර මගෙන් ඇසූ පැනයක් බැවින් සහ මා එයට දුන් පිළිතුරට ඇහුං කං නොදී මඟ හරිමින් මේ දේවල් අපි දැනගෙන ආවෙ කියා ඔහු ඡන්ද සමයේ මාස ගණනක් විවිධ ක්‍රීඩා පරිපාලන සමඟ කළ සාකච්ඡා ඇසුරෙන් දැණුම ඇති බව කීමත් නිසා මේ කරුණු ප්‍රසිද්ධියේ සටහන් කිරීම වටින්නේ මේ වන විට රගර් ක්‍රීඩාවේ ව්‍යවස්ථා වෙනස සම්බන්ධයෙන් රගර් සමාජයේ නාමල්මය උවමනාවට සමාන ආකාරයට මලික් සමරවික්‍රමගේ උවමනාවද සාකච්ඡාවට ගැනෙමින් තිබෙන නිසාය.ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නමද ඈදී ඇත.
හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය හැටියට සිටියදී ජාතික ක්‍රීඩා සභාවට නම් කළේ සභාපතිවරයෙකු පමණි.ඒ දැනට බලවත් ලෙස චෝදනා එල්ල වෙන පවුම් 50000 ක දඩයක් ශ්‍රී ලංකාවට පැනවෙද්දී සහ එම දඩ මුදල ජාත්‍යන්තර රගර් වෙතින් ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට එන මුදලෙන් අය කර ගැනීමටත් යෝජනා කළ පරිපාලනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ය.එසේම වැඩි බරක් ජාතික ක්‍රීඩා සභාවේ රගර් සාමාජිකයන්ට දී තිබෙන අතර ඒ අතර ක්‍රීඩාව සම්බන්ධ ව්‍යාපාරයක් මෙහෙයවන රොහාන් අබේකෝන් ද සිටිනු පෙනෙයි.


ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ රොහාන්ගේ රගර් ක්‍රීඩකත්වය මෙන්ම වෙනත් රගර්මය කාරණා ද ගැන අපට විරෝධයක් නැත.එහෙත් ඔවුන්ට සදාචාරාත්මකව සහ නීතිමය තත්ත්වයන් තුළ ඒ වගකීම් පැවරීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිඳු කිරීම නාමල් රාජපක්ෂ ක්‍රීඩා පණත,වැරදි ආදිය ශත පහකට මායිම් නොකරමින් දේශපාලන චණ්ඩිකමක් ප්‍රදර්ශනය කරමින් කටයුතු කිරීමට සමානය.ඊට අමතරව එම දේශපාලන බලය හයියට ගනිමින් තුනෙන් දෙකක ජන බලය යනු ක්‍රීඩා අමාත්‍යවරයාට රිසිව හැසිරෙන්නට දීපු වරමක් ලෙස අරුත් ගන්වමින්,ක්‍රීඩාවට ඇවසි දේ කිරීමට දුන් ජනවරමක් යන්න නොසළකා හරිමින් තිබීම කණගාටුදායකය.


“සීආර් කිව්වොත් ද රගර්වල දන්නෙ ඊස්ට් කිව්වොත් ද දන්නෙ?“
ක්‍රීඩා අමාත්‍යවරයා මගෙන් අසන ලද පැනය එයය.සීආර් කියන්නේ ක්‍රිඩා සමාජයක්ය.සෑම තරාතිරමකම ක්‍රීඩා සමාජ සැකසී සෑඳු පළාතක නියෝජනය මිස ඊස්ට් යනු ක්‍රීඩා සමාජයක් නොවේය.ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට අවාසි සහගත බව කියමින් අමාත්‍යවරයා වෙනස් කළ යුතු බව කියන ව්‍යවස්ථාවෙන් වැඩිපුරම සභාපතිවරු වී ඇත්තේ ඒ ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ය.එය වෙනස් වී ඇත්තේ එක වතාවකි.මේවා ඇත්තද නැද්ද යන දැන ගැනීමට හැකි දේවල්ය.ඊට හේතුව එම මොහොත වන විට රටේ රගර් සංවර්ධනයට එන මුදල්වලින් තමන් කළ වරදේ දඩය ගෙවා කුඩා ක්‍රීඩා සමාජවල පැවත්මට අහිතකර තත්ත්වයක් ඇති කරමින් සහ රගර් පරිපාලනය දේශපාලන න්‍යාය පත්‍රවලට මෙහෙයවා විශාල වශයෙන් ණය කිරීමේ ආදීනවද බලපා ඇත.


මේ සියල්ල ක්‍රීඩා අමාත්‍යවරයා ශත පහකට අවධානයට නොගනියි.එහෙත් අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩා අමාත්‍යංශය හැර යාමෙන් ඉනික්බිතිව ඇය පත් කළ ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයාට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පත්වීම දීම විශාල කාලයක් ප්‍රමාද කළේය.ඒ අතරතුර ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා ප්‍රියන්ත ඒකනායක හමු වූ විට මොකද ප්‍රියන්ත වැඩේ යනවා නේද යනුවෙන් ඇසූ අවස්ථා ද ඇත.ඊට පසුව වත්මන් අමාත්‍යවරයා ප්‍රියන්ත ඒකනායකට පත්වීම් ලිපිය දීම සහ ඊට මලික්ගෙ නම සමඟ ජනපති නම ඈදීමද සිඳු වී ඇත.ඒවා අමාත්‍යවරයා ජනප්‍රිය බව කියූ සීආර් ක්‍රීඩා සමාජයේ රාත්‍රීවලද කතාවන කතාය.
ඒ ක්‍රීඩා සමාජවල තත්ත්වය කුමක්ද?
මේවා ආශිර්වාදාත්මකව රජයෙන් ලැබූ විශේෂ බදු සහන යටතේ ක්‍රීඩාංගණ සහ අමතර භූමීන්ද ව්‍යාපාර ලෙස නඩත්තු කරගෙන යයි.සමහර විට මේ ක්‍රීඩා සමාජවලට රගර්ම නොවන වැදගත් වෙනත් ක්‍රීඩා පැවරුම් ද ඇත.ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් සංවර්ධනයට එන අරමුදල් අඩු වීමෙන් ආර්ථික ලාභ ලැබෙන පරිදි බදු සහන සමග නඩත්තු කරන මේ ඒ ක්‍රීඩා සමාජවලට දැනෙන තරම නොදැනෙන තරම්ය.ඒවායෙන් නඩත්තු වූයේ එම පළාත තුළ පිහිටි කුඩා කණ්ඩායම් ය.


කුඩා කණ්ඩායම් වැදගත් ඇයි?
වසරකට කොළඹ දක්ෂ රගර් ක්‍රීඩකයෝ කී දෙනෙක් පාසල්වලින් එළියට එනවාද යන්න ක්‍රීඩා අමාත්‍යතුමා විමසා බැලිය යුතුය.ඔවුන් සියලු දෙනාම රගර් හී රඳවාගෙන ක්‍රිඩා කිරීමේ වගකීම ඉටු වන්නේ කුඩා ක්‍රීඩා සමාජ අතින්ය.පවුම් 50000 ක දඩය ලංකාවට ලැබෙන සල්ලිවලින් ගෙවා දැමූ විට එම ගැටළුව දැණුනේ ඒ කුඩා ක්‍රීඩා කණ්ඩායම්වලටය.කොළඹ පමණක් නොව කොළඹින් බැහරවද තැන් තැන්වල රගර්වලින් මුවහත් වන අයට හොඳ ක්‍රීඩා සමාජයකට එන්නට පාර සැකසෙන්නේ පළාත් සංගම් තිබෙන බැවින්ය.මේවා ක්‍රීඩා අමාත්‍යවරයා සාකච්ඡා කරන බවක් හෝ පෙනෙන්නේ නැත.මස් රාත්තල කපා ඒ ක්‍රීඩා සමාජවලට දීමට ඇමතිවරයා සිටින්නේ අසිහියෙන් මෙන්ය.අධිකරණයේ ඇති නඩු නිිමිති නොවන්නට ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විටත් මස් රාත්තල වෙන් කර දී අවසන්ය.


ඊස්ට ගැන ඇසුවා කියනවා සේ වෙස්ටන් ගැන ඇසුවේනම් පළාත් සංගමය ඇතුළේ සිටින සීආර්,සිඑච්,හැව්ලොක්ස් වැනි කණ්ඩායම් සියල්ල වෙස්ටන් වෙතින් නියෝජනය වන්නේය.


ප්‍රශ්නය ක්‍රීඩාවෙන් තීරණ ගැනීම කරා යා නොහැකිනම් මේ මොහොතේ හොඳම ක්‍රමය ප්‍රශ්නය දේශපාලනිකව තේරුම් ගැනීමය.රටේ සිව් අතට ඇදී යා යුතු රගර් ක්‍රීඩාව ඉතා සීමිත පිරිසකට පවරා දෙන බලය යටතට ගතහොත්,මේ ආණ්ඩුව රටේ සැමට සෙත සඳනු පිණිස පොහොසත් රටක් වීම සඳහා පිට පළාත්වල ක්‍රීඩාවේ පොහොසත් මට්ටමට පැමිණෙන්නට හෝ රගර් නොතිබෙනු ඇත.ඒ ඓතිහාසික වරදට වගකිවයුත්තා ලෙස ඉතිහාසයට එකතු වන්නේ නිර්ධන පංති දේශපාලනය මිශ්‍ර අදහස් දරණ ආණ්ඩුවක් පත් කරගත් ජනතාවගෙන් දුශ්කර ප්‍රදේශවල මිනිස්සුන්ට රගර් ක්‍රීඩාවේ අයිතිය මකා දමාය.
ඇසිය යුත්තේ කාගෙන්ද කියා හදා ගත් රාමුවක වැඩ කරන අමාත්‍යවරයාට ලැබෙන උපදෙස් සහ ආශිර්වාද ලැබෙන්නේ ඔහු විසින් තීරණය කර ගත් ඔහු කියන දෙය අනුමත කරන පිරිසගෙන්ය.දැනිය යුතු ඇත්ත ඊට වඩා වෙනස්ය.ඇත්ත කවරක්ද යන්න කියා විමසීමට වඩා අහන්න ඕනි පුද්ගලයන් කවුරුන්ද කියා ය. ඡන්ද සමයේ සුළු අත්දැකීම්වලන් ක්‍රිඩාවම දැනගත්තා යැයි සිතන අමාත්‍යවරයා ඒ ආශ්‍රයෙන් ඇති කරගත් හැඳුණුම්කම් මත යැපෙනු විනා වෙනත් සාධාරණ සහ යුක්ති සහගත කරුණු අවධාරණය කරන විට සිය කළය කණපිට හරවා තබා ගනියි.
රගර් හී ආකෘතිය රටේ සෑම තැනකම රගර් කැකුළු පිපෙන විදිහට සැකසිය යුතුය.අමාත්‍යවරයා සිතන්නේ අමාරුවෙන් ගහන්න ඕනි නැහැ සල්ලි තියෙන බදු පහසුකම් තියෙන සල්ලිකාරයන්ට ආතල් එකක් ගන්න රගර් සින්නක්කරව ලියලා දිය යුතු බව නොවේනම්; ඊට ආශිර්වාද කරමින්,පවතින ව්‍යස්ථාව අනුව ප්‍රායෝගික තත්ත්වය තේරුම් ගෙන නිලවරණය පවත්වා ඒ පත්වන බලධාරීත්වයට ලංකාවේ රගර් ගැන ලෝකය එක්ක කතා කරන්න දීම වැදගත් වනු ඇත.දැන් මේ පිටුපස ලංකාවේ අධිකරණ තීරණ පවා පසෙක කරමින් කරන රංගනයන්ගෙන් පෙනෙන්නේ ද්‍රෝහිකමක්ය.ඒ ද්‍රෝහීකම් පසෙකලා නැවත නැවත රගර් හී පොළවේ අනාගතය ගැන සිතන්න.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan