පිලිපීනයේ හිටපු ජනාධිපති මුල්වරට අද ICC අධිකරණයේ පෙනී සිටියි

0
284

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අද(14)දින හේග්හිදී මුල්වරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ(ICC) පෙනී සිටීමට කියමිත බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට සහ වෙළෙන්දන්ට එරෙහිව වසර ගණනාවක් පුරා ගෙන ගිය ව්‍යාපාරය සම්බන්ධයෙන් ඩුටර්ටේට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති අතර, එම ව්‍යාපාරය දස දහස් ගණනක් ඝාතනය කළ බව අයිතිවාසිකම් කණ්ඩායම් පවසයි.

ඩුටර්ටේ පසුගිය අඟහරුවාදා (11) මැනිලා හිදී අත්අඩංගුවට ගැනිණි.