අනුරාධපුර දූෂකයා රිමාන්ඩ් – සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙක් පෙනී සිට නෑ

Date:

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු යුද හමුදා සෙබළා මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළ බව සඳහන් වේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තවදුරටත් නියෝග කර් ඇත්තේ, එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තවදුරටත් නියෝග කළ බව පැවසේ.

ගල්නෑව නව නගරයේ පදිංචිකරුවෙකු වන නිලන්ත මදුරංග රත්නායක  නමැත්තෙක් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ බව වාර්තා වේ. මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව  සැකකරු පොලිසිය හා විශේෂ කාර්ය බළකා ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී  අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව නිදිකුම්භායාය  ප්‍රදේශයේදීයි. 

වැඩිදුරටත් වාර්තා වන්නේ, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි බව වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...