අද මුළු රට – එක මිටකට – උදේ අටට – රට වඳුරට !

කෘෂි කාර්මික භෝගවලට හානිකරන සතුන් පිළිබඳ ජාතික සංගණනය අද (මාර්තු 15) දිනයේදී දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත ය.

ඒ අනුව, අද පෙරවරු 08.00 – 08.05 අතර කාලය තුල වනාන්තර බිම් හැර සියලු ගෘහ ඒකක, වගාබිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතන ආශ්‍රිතව සැරිසරන වදුරන්, රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව හඳුනාගැනීම මෙහිදී සිදුකිරීමට නියමිත බවයි කෘෂිකර්ම, පශූ සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය පවසන්නේ.

එම සතුන් ගණනය කර සටහන් කිරීම සඳහා නිවෙස්වලට ලබාදී ඇති පත්‍රිකාව පුරවා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට, ආර්ථික සංවර්ධන නිලධාරීවරයාට, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයාට බාර දෙන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...