නිශ්මං රණසිංහ ,මාර්තු 14, කොළඹ LNW:
වත්මන් මලල ක්‍රීඩා පරිපාලනය බැලූ බැල්මට සම බරයි.ලබා ගත් ඡන්ද අනුව නොව පත් වූ නිලධාරීන් අනුව නොව ඔවුන්ට ඡන්දය දීමට සිිටි පිරිසත්,සෘජුවම උදව් කල පිරිසත් අනුව ගත් විට මහා විශාල පිරිසකගේ සහය හිමිවන පරිපාලන ඒකකයක් බවට මලල ක්‍රිඩා පරිපාලනය පත්වෙනවා.
එහි පුහුණුකරුවන්,විශ්ලේෂකයන්,විනිසුරුවන්,හිටපු ක්‍රීඩකයින් මෙන්ම කාන්තාවන්ට වෙන කවරදාකවත් සිඳු නොවුණු අන්දමේ පිළිගැනිමක් භාණ්ඩාගාරිකවරියගේ පත්වීම හරහා ඉටු කර දී තිබෙනවා.
අද මලල ක්‍රීඩා පරිපාලනය සහ පුහුණුකරුවන් අතර හමුවක් පැවත්වීමට නියමිතව තිබුණත් එව නොපැවත්වෙන බව ද දැක ගන්නට ලැබුණා.එහිදි මලල ක්‍රීඩා සංගමයේ නව ලේකම් මාධව බණ්ඩාර දක්වන අදහසකට අනුව පළවෙන ප්‍රවෘත්තිවලින් හැඟෙන්නේ පුහුණුකරුවන්ගේ හමුවෙන් පසුව සැළසුමක් ඉදිරිපත් කරන බවයි.එහෙත් අප විශ්වාස කරන්නේ තමන්ට සහයට සිටින විශාල පිරිස සමඟ එක්ව ඔවුන් සකස් කළ සැළසුමක් ඉදිරිපත් කර අදහස් සහ යෝජනා පරිදි අවශ්‍යය සංශෝධන කර වඩාත් ශක්තිමත් සැළසුමක් සැකසීමට අදහස් කරනු ඇති බවයි.
එසේම ආණ්ඩුව පැත්තෙන් පුළුල් සහයක් ක්‍රීඩාවට අවශ්‍යය වන අතර ධාවන පථය වැනි කරුණු ගැන සාකච්ඡා කිරීමේදි රජය එහි පාර්ශවකරුවෙකු හැටියට මලල ක්‍රීඩා සංගමයද ඊට ඈදා ගත යුතුව තිබෙනවා.වැදගත්ම කාරණය වන්නේ රජය,ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි පරිපාලන ඒකකයක් ඇති කර ගැනීමට ඉපයිය හැකි ක්‍රමවේද සකස් කර ගැනීමට මලල ක්‍රීඩා පරිපාලනයට නිදහස දීමයි.
මේ වන විට පවතින දියගම ක්‍රීඩාංගණ පරිශ්‍රය තුළ අවන්හලක් වැනි ස්ථානයක් පවත්වාගෙන යාමට මලල ක්‍රීඩා සංගමයට නිදහස දෙමින් එය භාහිර පුද්ගලයන්ටද ආරක්ෂාවට ගැටළුවක් නොවන ආකාරයට පිවිසිය හැකි ස්ථානයක් කළ හැකිනම් මලල ක්‍රීඩා සංගමයට එයින් ආදායමක් උපයා ගත හැකි වෙනවා.මීට පෙර එවැනි ඉඩක් මලල ක්‍රීඩා සංගමයට ජාතික ක්‍රීඩා විද්‍යායතනය ඉදිරිපස තිබුණු බව වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයා ද හොඳින්ම දන්නා කාරණයක්.
එම ධාවන පථයත් මලල ක්‍රීඩා සංගමයට පවරා සුගතදාස ක්‍රීඩා සංකීරණයට සහ මලල ක්‍රීඩා සංගමයට ආදායම බෙදී යනාකාරයේ වැඩ පිළිවෙලක් සැකසිය හැකිනම් එය ද වැදගත් වෙනවා.හැමදාම ඇමති දොරකඩ පුලන්නන් සේ සිටින තන්ට කියා ක්‍රීඩාවේ අනන්‍යතාවය අනුව ක්‍රීඩා පිටියක් නැති ජාතික සංගම් නඩත්තු කරමින් සැර වර වෙන අමාත්‍යංශයක් වෙනුවට ක්‍රීඩාවට අදාළ පොළවේ සිටම හිමිකමක් ඇති පිරිසක් බවට ක්‍රීඩා පරිපාලන ඒකක පත් කිරීමට නව රජය පෞද්ගලික අංශයේ ද හවුල්කාරීත්වය ඇතුව අදාළ ක්‍රීඩා සංගම් ද එකතු කර වැඩ කරන්නේනම් ඉදිරියට වැදගත් වනු ඇති.ලෝකය ගැන කරුණු නිරන්තරයෙන් හදාරන පිරිසක් වත්මන් මලල ක්‍රීඩා පරිපාලනයේ උදව්වට සිටින බැවින් මෙවැනි කාරණා ගැන පොහොසත් මතවාදයක් සකස් කරන්නට ඔවුන් සමත් වනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු.



