*
Wednesday, October 30, 2024
spot_img

Latest Posts

මහනුවර රැක ගැනීම මහනුවරම වැඩක්.

මහනුවර නිත්තවෙල යනු වෙනම රගර් සංස්කෘතියක්ය.නිත්තවෙල රගර් ගහ යට ප්‍රේක්ෂක කැළ විවිධ සමාජමය ස්ථයන් හී සිටින නුවරමය රගර ආස්වාදයේ අපූර්වතම මිශ්‍රණය වන්නේය.එය ලංකාවේ අති විශිෂ්ඨ ක්‍රීඩා සමාජය සම්බන්ධ නිර්වචනය තරමටම ශ්‍රී ලංකාවේ අපූර්වතම ප්‍රේක්ෂක කැළ සම්බන්ධයෙන් වන හඳුන්වා දීමට ද උචිතය.
වචන දෙකක් නැත.මහනුවර අති දක්ෂය.නැතිනම් මෙතරම් සූරතා ප්‍රමාණයක් ඔවුන් සතු කර ගැනීමට නොහැකිය.ඔවුන් එම ජයග්‍රහණ අත් පත් කර ගත්තේ රගර් සඳහා වූ පොදු නීතිමය හැඩයක් ඇතුළේය.ඔවුන්ට කියා වූ විශේෂ සැළකිල්ලක් නැති පරිසරයක් යටතේය.

මහනුවර ක්‍රිඩා සමාජය රටේ රගර් ක්‍රීඩාවට අත්‍යවශ්‍යය සාධකයක් බව කවුරුත් ප්‍රතික්ෂේප නොකළ යුතුය.දැනටමත් ඔවුන්ගේ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමේ සිටින බහුතරය සහ දක්ෂයෝය.නායකයෝය.මෙවැනි තත්ත්වයකට ඔවුන් පැමිණියේ කාටත් පොදු වූ නීතිමය සාධක මතය.රීතිමය සාධක මතය.ජයග්‍රහණ විජයග්‍රහණ සේ හැඟෙන්නේ එබැවින්ය.

නමුත් ශ්‍රී ලංකා රගර් දේශපාලනමය වශයෙන් දඩයම් කරන්නට හදද්දී,ඊට අදාළ ණය තත්ත්වයන් කළමණාකරනය කර ගනිමින්,අලුත් අනුග්‍රහයන් සොයා ගනිමින් නිර්දේශපාලනික වූ රගර්මය ප්‍රවේශයක් ලබා ගැනීම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ රගර්වල වෙනස්ම පරිච්ඡේදයක් ලියැවීමක්ය.ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් දඩුවමකට යටත් කළ පිරිස් සහ ශ්‍රී ලංකා රගර් ගිණුම් බින්දුවට බැස්සිමට හවුල් වු පිරිස් ද,ආසියානු වත්මන් සභාපතිවරයාට ඡන්දය නොදීමෙන් වැළකී ශ්‍රී ලංකා රගර් ගැන අපුළක් ඇති කළ පිරිස් ද මේ වන විට ආසියානු ප්‍රධානීන්ට මෙන්ම රටේ ක්‍රීඩා ඇමතිට ද හේත්තු වී කරන පයෙන් ඇදීම් හමුවේ නොනැමි සිටිමන් රගර් පෙරට ගෙන යාම ශ්‍රී ලංකා රගර් විසින් කරගෙන යමින් ඇත.

නමුත් ආසියාවේම ඇතැම් රටවල් සමඟ ද වෙනස් රටවල් සමඟද සහයෝගීතා ගිවිසුම්වලට එළැඹෙමින් ශ්‍රී ලංකා රගර් තරගාවලි සඳහා අනුග්‍රහයන් ලබා ගැනීම ද,තවත් ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සිට විනිසුරුවන් දක්වා ජාත්‍යන්තර වශයෙන් අවස්ථා දිනා දීමට ද ශ්‍රී ලංකා රගර් කටයුතු කරමින් සිටින්නේ ලෝකය ශ්‍රී ලංකා රගර් හී ශඛ්‍යතාවයන් හඳුනාගෙන ඊට අතහිත දීමට ඉදිරිපත් වන බවට සාක්ෂි සපයමින්ය.

මේ තත්ත්වයන් හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයා හරහා ජාත්‍යන්තර වශයෙන් ගැටළු ඇති වූ නව සංශෝධන සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පෙළඹවීමට මෙන්ම එම ගැටළුකාරී සංශෝධන ගෙන ඒමට මහනුවර ක්‍රීඩා සමාජයට පරිපාලන වශයෙන් සම්බන්ධ උදවිය යම් දායකත්වයක් දැක් වූ බව ප්‍රසිද්ධ රහසක්ය.එම දායකත්වයේ රහස කියාපාන්නේ වත්මන් පරිපාලනයෙන් මිදි අමාත්‍යවරයා සමඟ ආසන්නයේ සිටින පුද්ගලයින්ට ක්‍රීඩා සමාජ අකමැතිව සිටියදී අතුරු කමිටු හරහා හෝ රගර් අයිති කර ගැනීමට මහනුවර පරිපාලනයේ ඇති කැමත්තද අපි නොදන්නෙමු.
කෙසේ හෝ අති දක්ෂ ක්‍රීඩකයින් රැසකට සහ ආදරණීය ප්‍රේක්ෂකයින් රැසකට මේ වන විට මහනුවර ක්‍රිඩා සමාජයේ ප්‍රතිමළුන් පිටු දැකීමේ රගර් තරගාවලියේදී මහනුවර හැකියාව පෙන්වීමට සහ දැක ගැනීම නොලැබී ගොස් අවසන්ය.එහිදි මහනුවර ක්‍රිඩා සමාජයට එම තරගාවලිය අහිමි වූයේ කොළඹට පැමිණ තරග කරන්නට කියා ශ්‍රී ලංකා රගර් පැවසීමෙන් නොවේය.ඔවුන් ගැටළුවක් නැතුව ලීග් තරග සඳහා හත් වතාවක්ම කොළඹ ආවේය.ඔවුන්ට යෝජනා වූයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ය.ඔවුන් ඒ වෙනුවට තමන්ගේ නිත්තවෙල පිටියම ඉල්ලා සිටියේය.නමුත් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ දී කිසිඳු ක්‍රීඩා සමාජයක් තමන්ගේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ නැත.එය මහනුවර වෙනුවෙන් වෙනස් කරන්නට මහනුවර කියා සිටිම සදාචාරාත්මක නොවේය.සැමට පොදු නීතිමය සහ රීතිමය ආකෘති ඇතුළේ ජයග්‍රහණය කණ්ඩායමකට පැවරෙන්නට අවශ්‍යය වන්නේය.මහනුවර විශිෂ්ඨයන් වි ඇත්තේ ද ඒ හැකියාව නිසාය.

ක්‍රීඩා සමාජයක පිටියට බැස ක්‍රීඩා කිරීමට හැර අනෙකුත් තීරණ ගන්න පරිපාලනමය ආකෘතියක් ඇත.තමන්ගේ ක්‍රීඩා සමාජයට පමණක් තමන්ගේ පිටිය භාවිතා කරන්නට අවසර ඉල්ලා සිටින අසාධාරණ තීන්දුව එන්නේ එම පරිපාලනමය ආකෘතිය ඇතුළේය.ක්‍රීඩා සමාජය ක්‍රීඩා කිරීමට වඩා ඔවුන්ගේ දේශපාලනයට අනනන්‍ය වූ රගර් පරිපාලනය සම්බන්ධයෙන් වන ද්වේශය ප්‍රකාශ කිරීමට උනන්දුවක් තිබෙන්නට ඇත.දැන් ඔවුන් අවුලුවාලන ගින්නෙන් ඇතැම් අය තමන්ගේ පන්දම් පත්තු කරගෙන වටේට ගිනි තබන්නට උත්සාහ කරමින් ඇත.
කිසිවෙක් තමන්ගේ පිටියේ ක්‍රීඩා නොකරන තරගාවලියක් තුළ තමන්ට තමන්ගේ පිටිය අවශ්‍යය බව කියන්නේනම් යමෙක්,ඔහු කරන ඉල්ලීම සාධාරණ ද?අසාධාරණනම් ජයග්‍රහණයට අසාධාරණය එකතු වූ විට එය නියම ජයග්‍රහණයක් යැයි පිළිගන්නට හැකිද?ගැටළුව ඇත්තේ සමාන අවස්ථාවන්වලින් බැහැරව තමන්ට විශේෂ අවස්ථාවක් ඉල්ලා සිටින්නට මහනුවර ක්‍රීඩා සමාජය කටයුතු කිරීමනම්,එය පදනම් කර ගනිමින් ජාතික වටිනාකමකින් යුත් තරගාවලියක් ප්‍රතික්ෂේප කරන්නේනම් ඒ සඳහා පැනවෙන යම් විනය පරීක්ෂණයකදී මහනුවර වැරදි විය යුතුය.තරගයකදී හෝ තරගාවලියකදී කිසිවෙකු තමන්ට වාසිදායක තත්ත්වයක් ඉල්ලා සිටීම සාධාරණද සදාචාර සම්පන්නද යන්න සිතා බැලීම මහනුවර වගකීමය.

දැනට ඇති ඉඩ ප්‍රයෝජනයට ගෙන එය අත්වැරදීමක් හා සමස්ත තරග සටහන පිළිබඳ අවබෝධයකින් තොරව ගත් තීරණයක් බව පවසා පියවරක් පසුපසට ගෙන මහනුවර ක්‍රීඩකයින්ට අඛණ්ඪව පිටියේ රැදි සිටින්නට හැකි සහ මහනුවර හා සබැඳී අපූරු ප්‍රේක්ෂක සමූහයාට තරග අත්දැකීම විඳින්නට සැළස්වීම මහනුවර රගර් වෙනුවෙන් පමණක් නොව ශ්‍රී ලංකාවේ රගර් වෙනුවෙන් ද මහනුවර ක්‍රීඩා සමාජ බලධාරීන්ට ගත හැකි හොඳම මඟයි.
අපි ශ්‍රී ලංකාවේ රගර් ඉහළ තැනකින් තබන ක්‍රියාවලීන් සමඟ එකඟව නැඟෙමු.ඒවා දේශපාලනය වශයෙන් කඩාකප්පල් කර පෙන්වන්න හදන සෝඩා බෝතල් සංදර්ශනවලට නොරැවටෙන්නට තරම් අවධානයෙන් සිටිමු.ඒ නිසා මහනුවරටත් ශ්‍රී ලංකා රගර්වලටත් මහනුවර ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල ආලෝකය සුරැකෙන පරිඳි එකඟ විය හැකි උපරිම එකඟතාවයට පත්වෙන මෙන් කටයුතු කරන්න යැයි ඉල්ලා සිටින්නෙමු.එහි පළමු පියවර ලෙස තමන් නොකළ යුතු ඉල්ලිමක් කරමින් තමන්ට අන් ක්‍රීඩා සමාජවලට නොලැබෙන අසාධාරණ අවස්ථාවක් ඉල්ලූ බව පිළිගැනීම මහනුවර ක්‍රීඩා සමාජයේ වගකීමය.
“එතැන් සිට සාධාරණ සහ විශිෂ්ඨ ගමණකට මහනුවර සහ ශ්‍රී ලංකා රගර්වලට එකඟ විය හැකි මාර්ග බොහෝ සොයා ගන්නට හැකි වනු ඇත.”

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan