පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයටත් මැතිවරණ කොමිසමටත් ආණ්ඩුව බලපෑම් කරනවා – සජිත්

Date:

රට විනාශ කරමින් ජන ජීවිත පහළ වට්ටමින් ජනතාව විනාශ මුඛය කරා ගෙන ගිය හිටපු ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් මැතිවරණය යන වචනය ඇහෙන විට පවා බයක් ඇති වී තිබෙන බවත් ඒ ජනතාව හමුවට ඔවුන්ට යාමට නොහැකි නිසා බවත් ඒ නිසා අලි කපුටු පොහොට්ටු පාර්ශ්ව තුන එකතු වී මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොත වන විට අවස්ථා 22 කට වඩා වැඩි ප්‍රමාණයකින් මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇති බවත් 2023 අයවැය තුළින් රුපියල් බිලියන 10ක මුදලක් පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරත් මුදල් නොමැති බවට පවසන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ පැත්තෙන් ශ්‍රේෂ්ඨ නියෝගයක් ලබා දෙමින් මැතිවරණයට වෙන් කළ මුදල් ලබා දෙන ලෙස අන්තර්වාර තීන්දුවක් ලබා දුන්නත් මේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වූ බවට වන වැරදි තර්කයක් නිර්මාණය කර ඒ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වරප්‍රසාද කමිටුවට ගෙනවිත් ස්වාධීන මැතිවරණ කොමිසමත් අපක්ෂපාතී අධිකරණයටත් බලපෑම් එල්ල කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කටුවන දී පැවැති ජන හමුවක් අමතමිනි.

මේ සැලසුමෙන් කොටසක් ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔවුන්ට සහාය දක්වන මන්ත්‍රීවරුන් මේ නෛතික ක්‍රියා සියල්ල වරප්‍රසාද කමිටුවේ කටයුතු අවසන් වන තුරු මැතිවරණය අවලංගු කරන ලෙස කියා සිටින බවත් එබැවින් ඡන්ද අයිතිය වෙනුවෙන් මහපාරට බැස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමට උත්සාහ කරන ඒකාධිපති ආණ්ඩුව පරාජය කරන්නට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...