සාකච්ඡාවෙන් අවසන් විසඳුමක් නෑ. දිවයින පුරා GMOA වෛද්‍යවරුන් හෙට වැඩවර්ජනයේ – හරිත (VIDEO)

ඊයේ (13) රාත්‍රියේ ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවෙන් අවසන් විසඳුමක් නොලැබුණු බැවින් සැලසුම් කර ඇති පරිදිම වැඩවර්ජන ක්‍රියාදාමය ඉදිරියට ගෙනයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි.

“අද (13) දවසේ සාකච්ඡාව අවසන් වෙනකොට අපට අපි මේ දක්වා අරන් තියෙන ක්‍රියාමාර්ග නතර කරන්න හෝ ඒ අරන් තියෙන ක්‍රියාමාර්ග සමාලෝචනය කරන්න අවසන් විසඳුමක් ලැබුණෙ නෑ. නමුත් ඒ අය අපට පොරොන්දු වුණා අද සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් හෙට (14) උදේ වෙනකොට ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න. එතනදී විශේෂයෙන්ම අපි ඉල්ලපු පරිදි මේ සම්බන්ධ දේශපාලන තීන්දුවක් හෙට දිනය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරයි. ඒක අපි මෙච්චර දවසක් අපි දැකපු නැති විදිහේ සාධනීය දෙයක් විදියට අපි දකිනවා. ඒක නිසා අද දවසේ සාකච්ඡාවෙන් ලැබිච්ච යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒක තමයි ප්‍රතිඵලය. හෙට දවස තුළ මේ ආර්ථික බලපෑම සහ එයින් ඉදිරියට ගිහිල්ලා සමාජමය බලපෑම සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් සහ අනෙක් පැත්තෙන් දේශපාලනික විසඳුමක් ඉදිරිපත් කිරීම කළ යුතුයි කියලා ඒ නිලධාරීන් පවා පිළිගත්තා. ඒ නිසා දැනට අපට මේ මොහොතේදී නිවේදනය කරන්න තියෙන දේ තමයි අද සාකච්ඡාවෙදි අවසන් විසඳුමක් ඉදිරිපත් වුණේ මේ දක්වා අපි ගත්ත ක්‍රියාමාර්ග සහ හෙට, අනිද්දා දිනවල අපි ගන්නට නියමිත ක්‍රියාමාර්ග වෙනස් කිරීමට. ඒ අනුව වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් හෙට දිනයේදී අපේ වැඩවර්ජනය තවත් පළාත් 5ක ක්‍රියාත්මක වෙනවා. අනිද්දා (15) දිනයේදී සමස්ත රට තුළම මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතයි. විශේෂයෙන්ම ආණ්ඩුවේ පීඩනයට එරෙහි වැඩකරන ජනතාවගේ විරෝධතා දිනය මේ සාකච්ඡාව හරහා කිසිදු වෙනසක් වෙන්නෙ නැහැයි කියන එක මේ මොහොතේ අවධාරණය කරනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...