අද (14) දිනයේදී වාණිජ බැංකුවලින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල යළිත් ඉහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.
ඊයේ (13) දිනයේදී සම්පත් බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 310ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 325ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 320 ක් සහ රු. 335 ක් දක්වා වැඩිවී ඇත.
ඊයේ (13) දිනයේදී මහජන බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.05ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 331.47ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 320.41 ක් සහ රු. 339.17ක් වශයෙන් වැඩිවී ඇත.
අද දිනයේදී තවත් වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ මිල ඉහළ ගොස් ඇත්තේ පහත ආකාරයෙනි.
RN