විමලෙගෙ කොලම : බබාගෙ නම – IMF දියසේන

Date:

රනිලම්මා ගැබ්බර වී මාස නමය ඉක්ම යමින් තිබුණා ය. ඇය කීවේ අයි එම් එෆ් හෙවත් දියසේන පැටියා මාර්තු අග හම්බ වෙනවා එතකොට සියලු ප්‍රශ්න කම්මුතුයි කියාය. අනුරා නංගී මූණ දෙක කරගන කීවේ ඔහොම

හතේ කොනේ ගිහිල්ලා ළමයි හදාගන්න අපි නම් මනාප නැහැ කියාය.

තරහකාරයෙක් ඈත සිට ඇසුවේ ඇයි උඹලා කරගන්නේ ෂී ජිං පිං ට කියලද කියාය. සජිතා නංගී කීවේ අපිත් ළමයි හදනවා නම් හදාගන්නෙ ඔය විදිහටම තමා කියාය. ඒක අනුමත කළ රනිලම්මා  අනුරා නංගිට හක පුරෝගෙන කීවේ නිකන් ලඳුකැලෑ රොදවල් වල පිට පොට යන එක නවත්තලා කසාද බැඳලම බලපල්ලකෝ ළමයි හදන එකේ රඟේ කියාය.

අයි එම් එෆ් දියසේනගේ staff level agreement කතාව ගැන අනුරා නංගී නාන ළිඳ ළඟදී හිනිඳුම සුනිලක්කා, දෙණිය් අමරක්කා, ලාල්කාන්ති ඇතුළු බවලත් කල්ලියකට කියා තිබුණේ ස්ටාෆ් රූම් එකේදියි බඩ දරුවන් වෙලා තියෙන්නෙ කියාය. හපොයි කියා කම්මුලේ අත් ගසාගත් අරුන්දලාට, ඔය වෙලාවේ මොනවා කිව්වද කරාද කියලා තාම කවුරුවත් දන්නෙ නෑ බං කියා අනුරා නංගී කීවාය.

ඒ සිද්ධියට මුහුණ දෙන වෙලාවේ මොනවා කියවුනාද කියලා බැසිලක්කා වුණත් හෙළි කළේ නෑ කියා හිනිඳුම සුනිලක්කා කීවාය. දෙණියේ අමරක්කා කීවේ රනිලම්මා බඩ දරුවන් වෙන්න කලින් ඕක ගැන බැසිලක්කාගෙන් ඇහුවා ඒ හෙර පට්ට විදිහට මගෑරියා උඹලට මතකද කියාය. අනුරා නංගී කීවේ ඒ වෙලාවේ බඩ දරුවන් වෙලා උන්නේ බැසිලක්කා, ඒක වෙච්ච එවුන් කොහොමටවත් මොනවද එතන උනේ කියලා මේ සම්මෙ කියන් නෑ බං කියාය.

 මේ කතා ආරංචි වූ රනිලම්මා  කීවේ අපේ primary account එක හොඳ මදි කියලා අපිට දරුවෙක් හදන්න වරම් දෙන්න බැහැ කියලත් කිව්වා, ඒත් අපි කොහොම හරි බදු ගහලා තව තව ජිල්මාට් දාලා අද වෙනකොට  කොල්ලගෙ ආනාගතේට අවශ්‍ය ප්‍රාථමික ගිණුම ශක්තිමත් කරලා තියෙනවා කියාය.

මේ වෙලාවේ ගාල්ලේ සිට එන වජිරා වින්නඹු අම්මා හති මුනින් දාගෙන රනිලම්මා දපා සිටින වැදුම් ගෙට ආවාය. ඇය කීවේ මගදී වරායෙයි, විදුලිබල මණ්ඩලෙයි එවුන් බබා හම්බ වෙනවට විරුද්ධව උද්ඝෝෂණයක් කරා කියාය. රනිලම්මා  කීවේ බොරු නොකියා ඉදින් වජිරො, උං උද්ඝෝෂණය කරන්නේ බදු ගත්තු එකට මිසක් අයි එම් එෆ් බබාට විරුද්ධව නෙමෙයි කියාය.

වජිරා වින්නඹුව කීවේ ඒ උනාට උන්ගෙන් කපන සල්ලි වලින් බබාට සබන්, පවුඩර්, ඇඳුම්, වතුර බේසම් ගන්න එකට උන් විරුද්ධයි කියාය. ඇය ඩබල් එකේම කිව්වේ බබාට සබන් පවුඩර් අරගන්න කියලා කපන සල්ලි වලින් සාගලා අක්කටයි අකිලා නංගිටයි පඩි දෙන එකටත් උන් විරුද්ධයි  කියාය.රනිලම්මා කිව්වේ හරි ඉතිං උනුත් කනවැන්දුම් ගෑනු වෙච්චි, ගෙදර වැඩපළ අරං කියක්වත් නොදී කොහොමද බං කියාය.  

ඈ බං වජිරො, උඹ කිව්වේ නැද්ද රුපියල දැන් ශක්තිමත් වෙලා හින්දා ඔච්චර කැපිල්ල ගැන හිතන්න එපා කියලා කී රනිලම්මාට වජිරා වින්නඹුව කිව්වේ මොකද නැත්තෙ මං කිව්වා එතකොට උන් මට රුපියල තද කරලා මොකක්ද අවලං වැඩක් කරනවා කියලා පලු යන්න බැන්නා කියාය.      
       

Wimalanath Weerarathna



(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...