වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් සීතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක්!

Date:

කොළඹ (LNW): රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ආර්. එම් සමන් කුසුම්සිරි රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය ඒ. කේ. එස් ද අල්විස්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ, විකලාංග සහ ක්ෂථ පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජේ. බලවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) ආර්. එල් . එස් සමන්මලී යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල්, අධ්‍යයනය කිරීම, සමාලෝචනය කිරීම , හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීම ට ඇති හැකියාව මෙම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.

ඒ අනුව හඳුනා ගනු ලබන රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර සති අටක (08) කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...