ලංකා විදුලිබල මණ්ඩලයට කණකොකා හඬළලාද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW): අද (15)ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසූවේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බවත් ඉන් ඉංජිනේරුවන් 105 ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54 ක් නිල නිවාඩු ලබා ද, විදේශගත ඇති බවත්ය.

එම මණ්ඩලයේ සේවය කළ පළපුරුදු සහ ඉතාමත් සංකීර්ණ රාජකාරිවල නිරතවූ ඉංජිනේරුවන් තව දුරටත් සේවයෙන් ඉවත්වුවහොත් ලංවිම දැඩි අර්බුදතාකාරී තත්වයකට පත්වන බව කී පරාක්‍රමසිංහ රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්වයට ප්‍රධාන හේතුව බව ද සඳහන් කළ අතර, නිවාඩු ලබා විදේශගතව සිටින ඉංජිනේරුවන්ගේ වැඩි සංඛ්‍යාවක් විවිධ රටවල්වල ස්ථිර පදිංචි බලපත්‍රය ගැනීම සඳහා ගොස් ඇති බව දැනගන්නට ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් නැවත සේවයට පැමිණෙයි යැයි විශ්වාස කළ නොහැකි බවත් කියා සිටියේය,

විදේශවල අලුත් ඉංජිනේරුවෙක්ට මාසකට ඩොලර් 4,000 ක පමණ වැටුපක් ලැබෙන බවත් පළපුරුදු ඉංජිනේරුවෙක්ට ඇතම් රටවලදී මසකට ඩොලර් 6,000 ත් 8,000 ත් අතර වැටුපත් ලැබිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...