සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 15, කොළඹ (LNW):
ශ්‍රී ලංකාව බංගලාදේශය සමඟ පවත්වන එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය ගනිමින් තරගාවලිය සම තත්ත්වයට පත් කර ගත්තා.ටව්හිඩ් හ්‍රිඩොයි ගේ අපූරු සැළසුම් සහගත ඉණිමත්,අන්තිම මොහොතේ ටෂ්කින් අහමඩ් ලබාගත් ප්‍රවේගකාරී ලකුණු 18 ත් නිසා බංගලාදේශයට ලකුණු 286 ක දැවන්ත අභියෝගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි වුණා.බංගලාදේශ ඉණිමේ අංක 2,3 සහ 4 යන පිතිකරුවන් තිදෙනා ඉතා වගකීමෙන් සිය කණ්ඩායම ඉහළට ගෙන ඒම සඳහා කටයුතු කරමින් පිළිවෙළින් ලකුණු 68,40 සහ නොදැවී 96 ලෙස ලකුණු ලබා ගැනීම බංගලාදේශ ලකුණු පූවරුව එතරම් ඉහළින් තැබිමට මුල් පදනම බවට පත් වුණා.සෞඹ්‍ය ශකර් (68),නජ්මුල් හොසේන් සන්ටෝ (40) හ්‍රිඩොයි ලද නොදැවී 96 අතරින් ඉතාමත් ඉවසිල්ලෙන් ඉණිම නිමා වන තෙක් නොදැවී බංගලාදේශ ලකුණු පූවරුව විශාල එකක් කිරීමට හ්‍රිඩෝයි දැක් වූ දායකත්වය වචනවලට සීමා කළ නොහැකියි.
බංගලාදේශය සැළසුම් කළ ඉණිම සමහර විට ලබා ගත් ලකුණු ගණනට එහාට පොහොසත් එකක් වන්නට තිබුණත්,එයට බරපතල විදිහට හරස් කපන්නා බවට පත් වුණේ වනිඳු හසරංගයි.ඔහු සිය පන්දු ඕවර් 10 නිමා කරන විට ලකුණු 45 ක් දී කඩුලු 4 ක් ම බංගලාදේශයෙන් උඳුරාගෙන තිබුණා.වනිඳු හැරුණු විට පන්දු යැවීමෙන් තර්ජනයක් තරගය ආරම්භයේම එල්ල කරමින් කැපී පෙණුන ඩිල්ශාන් මධුශංක අතර මඟදී ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ සැළසුමට විශාල බාධාවක් වුණා.එසේ නොවිණිනම් බංගලාදේශ සැළසුම් වෙනස් වන්නට ඉඩ තිබුණා.
මෑත තරග අතරින් අද දවසේ ශ්‍රී ලංකාවේ පන්දු රැකීම යම් ආකාරයකට පහතට වැටී තිබෙනු දකින්නට ලැබුණා.එය එසේ නොවිණිනම් බංගලාදේශයට මීට වඩා පීඩනයක් ඇති කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබෙන්නට තිබුණා.
පිළිතුරු ඉණිම ගොඩ නැඟීමේදී අවිශ්ක ප්‍රනාන්දු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.තරගයේ දෙවන පන්දුව වූ එම දැවීමෙන් පසුව කුසල් මෙණ්ඩිස් 16 සමඟ එක්ව දෙවන කඩුල්ලට ලකුණු 41 ක සබඳතාවයක් ගොඩ නඟන්නට පැතුම් දායක වුණා.ඉනික්බිති පැමිණි සදීරට ඉණිම ගොඩ නඟමින් හිටිය පැතුම් වෙත සහය දැක්වීමට හැකි නොවුණේ ඔහුට එක ලකුණකට දැවී යන්නට සිදු වූ නිසයි.අනතුරුව ශ්‍රී ලංකා ඉණිමේ චමත්කාරජනකම වාර්තාගත සබඳතාවය ඇති වුණේ චරිත් අසලංක සහ පැතුම් නිශ්ශංක අතරයි.තරගයේ 7 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවෙන් ඇරඹි එම සබඳකාවය තරගයේ 37 වන පන්දු ඕවරයේ හතරවන පන්දුවට නිමා වන විට ඔවුන් දෙදෙනා වාර්තාගත ලකුණු 185 ක සබඳතාවයක් ඇති කර තිබුණේ මුළු ශ්‍රී ලංකා ඉණිමෙන් අඩකටත් වඩා කඩුලු නොවැටී ආරක්ෂා කර ගනිමින් ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයට ඉතා ආසන්න තැනකට ශ්‍රී ලංකාව ගෙන එමින්.
එහෙත් යළි බංගලාදේශ පන්දු යවන්නන් තරගයේ නිමාවට ආසන්නයේ ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට වුවත්,යොවුන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 235 දී පිටියට පැමිණ තරගය ජයගන්නා තෙක්ම කඩුල්ල රැක ගනිමින් පරිස්සම් සහගත ඉණිමක නියැළුණා.ඔහු තරගය නිම වන විට නොදැවී ලබා සිටියේ ලකුණු 15 ක් වුව ද,එහි තිබූ වටිනාකම 235 න් පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැස් කළ හැම ලකුණටම අදාළව වෙල්ලාලගේට ගෞරවය හිමිවන ඉණිමක්.අවසන් මොහොතේ පීඩනයෙන් ඈත වෙමින් වනිඳු හසරංග පන්දු 16 න් ලකුණු 25 ක් රැස් කළත් ලකුණු දෙකක් ජයග්‍රහණයට අවශ්‍යයව ඇති මොහොතක ගමේ වෙලේ ක්‍රිකට්වල දී මෙන එම ලකුණු දෙක හයේ පහරකින් සමරන්න ගොස් වනිඳු කඩුල්ල පූජා කළ හැටිනම් ඔහුගේ වෘත්තීමය ස්වභාවය ගැන කණගාටුව උපයන දෙයක්.
තරගයේ වීරයාට අභියෝගයක් නැති ඉණිමක් ගොඩ නැඟූ පැතුම් නිශ්ශංක නම් වෙද්දී ශ්‍රී ලංකාව අවසන් එක්දන තරගයට එන විට අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ පිතිකරණයේදී මෙන්ම පන්දු යැවීමේ සහ රැකීමේ කාර්යයන්වලදී ද කණ්ඩායමක් හැටියට වූ වැරදි නිවැරදි කර ගන්නේ කෙසේද යන්න විමසා බැලීමයි.අපූරු සහ විශිෂ්ඨ හඹා යාමක් අවසානයේ ශ්‍රී ලංකාව ජය ලද මේ තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-2nd-odi-1419828/full-scorecard







