කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්තමානය?

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW): පසුගිය සතියේ සියලු කොටස් මිල දර්ශකය සාමාන්‍ය වර්ධනය සියයට 2.63 ක අගයේ පවතින අතර, කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුගිය සතියේ පිරිවැටුම රුපියල් බිලියන 8.87 ක් වන බව කොළඹ කොටස් වෙළෙඳපොල නිවේදනය කරයි.

කොටස් වෙළදපොළ සදහන් කරන්නේ, එස් ඇන්ඩ් පී /එස් එල්  විස්ස දර්ශකයේ සාමාන්‍ය වර්ධනය මෙම සතියේදී සියයට 3.11 ක් බවයි.

මාර්තු 15 වන දිනට වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 4495.36 ක් ලෙස සටහන් වන අතර, බ්ලූ ඩයමන්ස් ජුවලරි වර්ල්ඩ් වයිඩ් / ස්ටෑන්ඩඩ් කැපිටල් / ලන්කෙම් ඩිවෙලොප්මන්ස් / සිලෝන් ප්‍රින්ටර්ස් හා ඒෂියා ඇසෙස්ට් ෆයිනෑන්ස් යන සමාගම් මෙම සතියේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ කොටස් ලෙස දැක්විය හැකියි.

රුපියල තවත් ශක්තිමත් කරමින් ඩොලරයේ අගය 300 සීමාවට ලංව තිබෙන අතර, ඇමෙරිකා ඩොලරයේ ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 300.60ක් ලෙසයි. එහි විකුණුම් මිල රුපියල් 310 ශත 20 ක් ලෙස සටහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...