*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

අපි චීනයෙන් උදව් ඉල්ලුවෙ නෑ – ඇමරිකානු චෝදනාවලට රුසියාවේ ප්‍රතිචාරය

යුක්රේනයට එරෙහිව ක්‍රියාත්මක යුද්ධය සඳහා චීනයෙන් උදව් ඉල්ලා ඇති බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියාව පවසනවා. චීනයෙන් කිසිදු යුදමය හෝ මුල්‍යමය ආධාරයක් ඉල්ලා නොමැති බවයි රුසියාව අවධාරණය කරන්නේ.

රුසියාව චීනයෙන් ආධාර ඉල්ලා ඇති බවට මීට පෙර වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාවට එරෙහි තවත් රටවල් දැඩි විවේචන එල්ල කර තිබිණි. ඇමරිකාව පවසා තිබුණේ චීනය යුද හෝ මුල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කළහොත් රුසියානු විරෝධය වැනිම විරෝධයක් චීනය වෙතද එල්ල වීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි.

එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පවසා තිබුණේ චීනය රුසියානු හමුදාවල සහාය සඳහා සන්නද්ධ ඩ්‍රෝන යානා ඇතුළු මිලිටරි සැපයුම් ලබාදීමට දැනටමත් තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීනය මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

මේ අතර රුසියා-යුක්රේන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයන් අද දිනයේදීද හමුවීමට නියමිතය. ඒ පස්වැනි දිනයටයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan