*
Tuesday, December 24, 2024
spot_img

Latest Posts

මේ මොහොත අපේ රටට ඉතාම වැදගත්

කොරෝනා වසංගතයක් තිබුණා කියා ලංකාවෙ මිනිස්සුන්ට දැන් මතකයකවත් තියෙනවාද?
ලංකාව ඉවරටම ඉවරයි කියා එදා සමහරු කිව්වා මතකද?
ලංකාවට එන්නත් එන්නේ 2022 ත් පහු වෙලා, ඒකත් හරියටම විශ්වාස කරන්න බෑ කියලා සමහරු කීවා මතකද?
ගෝඨාභය රාජපක්ෂ ජනපති ප්‍රමුඛ ආණ්ඩුව කොහොම හරි ඒ ජයගන්න බෑ කියපු අභියෝගය ජයගත්තා විතරක් නෙවෙයි මේ වනවිට කොරෝනා කියන වසංගතය රටේ අවම මට්ටමකට ගේන්න කටයුතු කලා නේද…?
තුන්වෙනි මාත්‍රාව දක්වා එන්නත් ගෙනැවිත් බෑ නෑ කියමින් විලාප තැබූ සියලු දෙනාටම එන්නත දුන්නා නේද ??
කොරෝනාව වෙනම හොස්පිට්ල් හැදුවා..කෑම බීම සැපයුවා. නිරෝධායන මධ්‍යස්ථානය දහස් ගණන් සාදා ජීවිත ලක්ෂ ගාණක් බේරුවා මතකද.?
ලංකාව ඉවර වුණාද..? නැහැනෙ නේද…?

වසංගතය නිසා සංචාරක ක්ෂේත්‍රයට අදාළ ඩොලර් බිලියන 8 කට වැඩි ආදායම වසර දෙකක් පුරා අපිට අහිමි වූ බව සාමාන්‍ය ජනතාව පවා දන්න කරුණකි. එය රටේ ආර්ථික කඩා වැටීමට විශාල බලපෑමකි.

වසංගතයත් සමඟ ආර්ථික කඩා වැටීම අති විශාලයි. එම ආර්ථික පරිහානිය කිසිසේත්ම අප රටට පමණක් වෙනස් කලහැකි දෙයක් නොවෙයි. මේ මුහුණ දෙන්නේ තාවකාලික විදුලිය සහ තෙල් හිඟයකට බව කිසිවකුත් පිළි ගන්නේ නැත. ලෝක අර්බුදය ගැන කෙතරම් පැහැදිලි කලද කිසිවකු එය පිළිගන්නට කැමති නැත. ඔවුන්ට අවශ්‍ය බඩ කට පුරා කාබී සිටීමටය. මිනිසකුට එය අවශ්‍යය. නමුත් එයට මේ කාලය නොවේ. ලෝකයේ අඳුරු ආර්ථික අවපාතයේ අඳුරු සෙවනැලි මේ වනවිට අප රටටද බලපාමින් තිබේ.

නමුත් , අනෙක් සියලු ක්ෂේත්‍ර රටේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා වුණේ පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස වලය.
ගෑස් සහ තෙල් හිඟය මේතරම් උග්‍ර අර්බුදයක් බවට පත් කළේ ආණ්ඩුව වට්ටමින් සතුටු වන්නට සහ ඔවුන්ගේ බල පතුරුවා ගන්නට උත්සාහ කරන විරුද්ධවාදීන් විසින් බව දැන් නොරහසකි.
ප්‍රශ්න උඩු දුවන්නට පාර කැපුවෙ යහපාලන කණ්ඩායමයි. ගෑස් ගෙන්නුවේ යහපාලන නඩයේ ව්‍යාපාරිකයන් විසින් බව ඔබ දන්නවාද ??

තෙල් ගෙන්වීම හිතාමතා අවුල් කළේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට විරෝධීව කටයුතු කළ අය බව දන්නවාද ??

2015 ට කලින් කරපු අමුතු ආකාරයේ ව්‍යාපෘතියේ රඟපු අයම තමයි අදත් බොරු තොරතුරු සමාජ ගත කරමින් ජනතාව කුපිත කරවමින් මහා සංදර්ශන පවත්වයි. “රටේ මහා මුදල් අර්බුදයක් ” කියන ඒ අය මහා ධනස්කන්දයක් වියදම් කරමින් රට පුරා දේශපාලන කැම්පේන් කරයි. කොහෙන්ද ඒ අයට සල්ලි?

ජනතාව දැනගතයුත්තේ මේවා නොවේද ??

ගෝඨාභය වැඩකරන්නේ ප්‍රතිපත්තියක ඉඳගෙන බව තේරුම් ගත යුතුය . එතුමා මේ උත්සාහ කරන්නේ හදන්නේ දශක ගණනාවක් තිස්සේ පිළිළයක් වූ යල් පැනගිය ක්‍රමවේදයන් වෙනස් කිරීමටය.

බහු ජාතික සමාගම් විසින් නටවන කෘෂිකර්මාන්තය නැවත අපේ ගොවියාගේ පාලනයට ගැනීම සහ අපේ රටේ දරුවන්ට හරි වසවිස නැති නිරෝගි ජීවන රටාවකට අනුව ආහාර නිෂ්පාදනය කිරීමටය.
පිටරට ගල්අඟුරු තෙල් ගෑස් මත යැපෙන්නේ නැතිව ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් සවිබල ගන්වන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දරන්නේ අසීමිත වෙහෙසකි.

දේශීය ව්‍යවසායකයා ශක්තිමටත් කරමින් ඉදිරියටම ගන්න විශාල කැපවීමක් රජය දරයි. මේ කැප කිරීම කරන්නේ ඒ සඳහායි. අප තේරුම් ගය්හ යුත්තේ එයයි.

මේ අවස්ථාවේ අපේ දේශීය කර්මාන්ත වේගයෙන් දියුණු වෙන මොහොතක
සංචාරකයන් පොරකමින් ලංකාවට එන මොහොතක.
මේ තමයි පුනර්ජනනීය බලශක්තිය ලංකාවේ දියුණු වෙන මොහොත.
මේ මොහොතේ ආණ්ඩුව අස්ථාවර කරන්න හදන අහංකාර පක්ෂද්‍රෝහී බලලෝභි දුෂ්ටයින්ටයින්ට අවශ්‍ය වුයේ රටේ ගමන කඩාකප්පල් කිරීමටයි. ඔවුන් කළේ රටට ද්‍රෝහී වීමකි.
මේ මොහොතේ අපි පුද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් තරඟ කර දිනා ගැනීමට දෙයක් නැත. සැවොම එකතු වී ජනපතිගේ උත්සාහයට උපරිමයෙන් සහාය දිය යුතු වෙලාවයි මේ.
මේ රටට ආදරේ කරන පුරවැසියන්ගේ කාලීන යුතුකම විය යුත්තේ ද්‍රෝහීන් යන අත ගියාවේ., ජනපති සමග හරි මාවතේ යාමට බහුතර පිරිසක් ඇත. හරි දේ නියම වෙලාවට සිදු කිරීමට ජනපති ගෝඨාභය කැපවී සිටී.

ඩොලර් අර්බුධයේ ඍජුවම වගකිවයුත්තා ගෝඨාභය රාජපක්ෂ යැයි චෝදනා කරන්නන් ඍජු මුල්‍ය ප්‍රතිපත්ති නොමැතිව රට පාලනය කල 1977 පසුව බලයට ආ සියලු දෙනා මේ අර්බුධයට වගකිවයුතු බව සියලු දෙනා තේරුම් ගත යුතුය..

ගෝඨාභය මහතා මේ රටේ ජනාධිපති ලෙස පත්කිරීමට තීරණය වූයේ, රටේ ආර්ථිකය ගොඩනැගීමට , පාතාලයට තිත තැබීමට, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට , අන්තවාදීන් විනාශ කරන අපේ උරුමයන් රැකගන්න
පුනර් ජනනිය බල ශක්තියට පණ දෙන්න,
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ඇති කරන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න
නිෂ්පාදන ආර්ථිකයක් හදන්න,
හරිත වගාවක් ලංකාවේ ඇතිකර සෞභාග්‍යයමත් දේශයක් ගොඩනැගීම වැනි
වැදගත් කාර්යයන් රාශියක් වෙනුවෙන් බලාපොරොත්තු ගොන්නක් ඇතිවය.
මේ සියලු ඉලක්ක සපුරාලමින් නිහඬ ගමනක් යන ගෝඨාභය සියලු නිවට දේශපාලුවන් ඉදිරියේ නොසැලී ඉදිරියටම ගමන් කරනු ඇත. දුෂ්කර කාලය සැමදා පවතින්නේද නැත. විසඳුම් පේන මානයේ ඇත. අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව විසඳුම් සෙවීම පමණයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan