දෙමළ සන්ධානය සමග සාකච්ඡාව ජනපති අවසන් මොහොතේදී යළිත් අවලංගු කරයි

Date:

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊයේ රාත්‍රී වනවිටත් මෙම සාකච්ඡාව නියමිත පරිදි පැවැත්වීමට සූදානම්ව සිටි නමුත් අවසන් මොහොතේදී එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

මෙම හදිසි තීරණයට හේතු වී තිබෙන්නේ සමගි ජන බලවේගයේ සංවිධානයෙන් අද කොළඹදී පැවැත්වෙන දැවැන්ත විරෝධතාවයයි. මෙම විරෝධතාවය සඳහා දැනටමත් සජබ පාක්ෂිකයන් රැගත් බස්රථ 2000 කට ආසන්න ප්‍රමාණයක් කොළඹට ලඟා වී තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙමළ සන්ධානය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මීට පෙර අවස්ථා දෙකකදීද විවිධ හේතු නිසා කල්දැමීමට සිදු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...