මහ බැංකු අධිපතිව ඉවත් කිරීමට සැරසෙන බවට පළවන පුවත සත්‍යක්ද?

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉංග්‍රීසි පුවත් පතක පළව තිබෙන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා ලංකා නිවුස් බෙබ් කළ විමසීමකට පිළිතුරු දෙමින් අවධාරණය කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ එම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර තමන් හා මුදල් අමාත්‍යවරයා අතර යම් මතභේදාත්මක තත්ත්වයක පවතින බවට සිදුකරන ප්‍රචාර පදනම් විරහිත බවයි.

මේ වන විටත් ආර්ථික වර්ධනය නැංවීම වෙනුවෙන් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සඳහා මහ බැංකුව මාර්ගෝපදේශ සපයමින් සිටින බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මේ අතර මහ බැංකු අධිපතිවරයාව එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද ලංකා නිවුස් වෙබ් වෙත තහවුරු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...