ඇමරිකාව දකුණු අප්‍රිකානු තානාපතිවරයා නෙරපා හරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදය විසින් දකුණු අප්‍රිකානු තානාපති ඊබ්‍රහිම් රසූල් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

ඊබ්‍රහිම් රසූල් මීට පෙර 2010 සිට 2015 දක්වා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස සේවය කළ අතර 2025 දී නැවත එම තනතුරට බඳවා ගන්නා ලදී.

රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් Xහි සඳහනක් යොදමින් ප්‍රකශ කර තිබුණේ , තානාපති ඊබ්‍රහිම් රසූල් ඇමරිකාවට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෛර කරන බවත්, ජාති-විරෝධී දේශපාලනඥයෙකු වශයෙන් ඔහු සමඟ කිසිවක් සාකච්ජා කිරිමට් නොමැති බවත්, අපේ ශ්‍රේෂ්ඨ රට තුළ ඔහු තවදුරටත් පිළිනොගන්නා බවත්ය.

දකුණු අප්‍රිකාවට ආධාර කැටි කරන විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුගිය මාසයේ අත්සන් කර ඇති අතර ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව අතර සබඳතා පිරිහෙමින් පවතියි.

මෙම පියවර දෙරට අතර ඉහළ යන ආතතීන්හි නවතම වර්ධනය සනිටුහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...