යථාර්තයේ ඔබ සිටී ….

දර්ශනවාදය තුල තියෙන ඉතාම වැදගත් සංකල්පයක් තමා ” යථාර්තයේ ඔබ සිටී” කියන සංකල්පය.. මේකෙන් කියවෙන්නෙ යම් රටක් හෝ සමාජයක් රටක් විදියටම හෝ සමාජයක් විදියටම කුණුවෙලා නම් ඒ තුල ඇති සියල්ල ඒ කුණුවීමේම එක එක අඩංගුමයි කියන අදහස..

ඒ කියන්නෙ ඒ කුණුවූ සමාජයේ ඇති දේශපාලන ව්‍යාපාර, විප්ලවවාදීන්, ගැලවුම්කාරයන්, ආගමික සංථාපිතයක්, විමර්ශකයන් යන මේ සියල්ල එකී සමාජ පරාභවයේම කොටස් බවයි..

අපි දන්න විදියට ඉතාම නිකැලැල් සුසමාදර්ශී සහ ගැලවුම්කාර භූමිකාවක් අරන් තමා මාළිමාව බලයට පය තිබ්බෙ.. වෙන එකක් තියා ඒ අය කිව්වා පාසල් උත්සවවලට දේශපාලකයෝ සහභාගී වෙන එක නවත්තනව කියලත්, ශිෂ්‍යයෝ දේශපාලකයන්ට වඳින්න ඕන නෑ කියලත් කිව්වා..

ඒත් යතාර්තයේදී මේ වෙන්නෙ මොකක්ද? මට පේන විදියට අධ්‍යපනය සම්බන්දව (අධ්‍යාපන සහතික) ඉතාම නරක ආදර්ශයක් රටේ ශිෂ්‍යයන්ට දීපු දේශපාලකයෙක් තමා මේ පාසල් උත්සවයේ ප්‍රධාන අමුත්තා විදියට ශිෂ්‍යන්ගේ වැඳුම් පිඳුම් ගන්නෙ.. දැන් කෝ අර සුසමාදර්ශ, ඒවට මොකද උනෙ..? ඒවත් කුණුවූ යතාර්ථයේම රැවටිලිකාරී අන්තර්ගතයන්ද ?

අන්න ඒක තමා කියන්නෙ යතාර්ථය කුණුවෙලා කිව්වම එහි සියල්ල කුණුවෙලා කියලා.. විශේෂයෙන්ම ගැලවුම්කාර භූමිකාවට ඇඳගත්ත එවුන් හොඳටම කුණුවෙලා.. මොකද උන් අපිව දෙපාරක් රවට්ටනවා….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...