*
Saturday, March 15, 2025
spot_img

Latest Posts

නෙල්කාට එරෙහිව කෙන්දක් මවා වසන්න හදන ශ්‍රී ලංකා බොක්සිංවල කඳු

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 15, (LNW)කොළඹ

යහපත් දේ තියාගෙන අවශ්‍යය වෙනස්කම්වලට නම්‍යශීලී වීමේ වැදගත්කම පෙන්වා දෙමින් නව බොක්සිං පරිපාලනය පත් වූ අවස්ථාවේ ඊට ආශිර්වාද කරමින්, වෙබ් අඩවියේ තැබූ සටහනට පිළිතුරු ලෙස දැනට පවතින පරිපාලනයේ පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාගේ දුරකතනයෙන් මා ඇමතූ පුද්ගලයෙකු දීර්ඝ දේශනයක් සිඳු කළේය.හිටපු ක්‍රිඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමක් පිට වත්මන් සභාපතිවරයා වන අනුරුද්ධ ශානක බණ්ඩාර එම පුටුවේ ඉන්දීමේ වගකීම සිඳු කළේ තමන් බවත්,මාධ්‍ය වැඩ කරන හැටි පෙන්වා දීමට අවශ්‍යය නැති බවත්,මා සතුව ඇති බොක්සිං දැණුම ඊට ප්‍රමාණවත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.


එහෙත් මේ වන විට පරිපාලනමය වශයෙන් යම් විසිරීමක් බිඳ වැටීමක් තනතුරු හැරයාමක් සමඟම අප කියූ නමණීය වීමේ වැඩ කටයුත්ත අත හැරීම නිසා සහ ලෝකය සමඟ පරිපාලන වෙනස්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන නොවීම නිසා, ශ්‍රී ලංකාවේ බොක්සිං ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිනොගන්නා ස්ථාවරයක පවතින අතර, ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිනොගන්නා තැනෙක ශ්‍රී ලංකාවේ අනාගත වැදගත්කමක් ඇති බොක්සිං ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බොඳ වෙමින් ඇත.


ලංකාවේ ක්‍රිඩාවේ දේශපාලන මුල් පුටුවලට පුද්ගලයින් පත්වන විට ද,එසේත් නැත්නම් ක්‍රීඩාවක පරිපාලනයට පුද්ගලයින් පත්වන විටද ජාත්‍යන්තර වශයෙන් ද සාධක මවා පෙන්වමින් තමන්ගේ උවමනාවන් වෙනුවෙන් පාලකයා අන්දන සහ මෙහෙයවන කලාව අපි වසර තිහකට ආසන්න මාධ්‍ය ජීවිතයේ දැක ඇත්තෙමු.ඒ ඇත්ත ඉදිරිපත් කරන විට තිත්ත බැවින් වස මුසු රසවත් බොරුවම පරිපාලනය මරණාසන්න මට්ටමට වැටෙන තෙක්ම තොල ගානු අපි දැක ඇත්තෙමු.එය බොහෝ උඩඟු සියල්ල දත් ලීලාවෙන් පානය කළ ද ක්‍රමයෙන් එයින් ක්‍රීඩාව අකර්මන්‍ය වී වැටෙන අයුරු අපි විඳ ඇත්තෙමු.
මේ දවස්වල බොක්සිං මහත්තරු ටිකක විකාශය කරමින් සිටින බොක්සිං කතාව ද ඉතාමත් රසවත් බොරුවකි.සමූහයක් ලෙස වැඩ කරද්දී සමීපතමයන් බිඳ වඩාත් සමීප තමන් යැයි පෙන්වීමේ කලාව ද මේ කේෂ්ත්‍රයේ සුලභය.ඒ උවමනාවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති බොක්සිං විනිසුරුවරිය වන නෙල්කා ශිරෝමාලා ට පෞද්ගලිකව ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය යොමු කරන ලද,එය දැන ගැනීම පිණිස ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනයට පිටපත් යොමු කරන ලද විද්‍යුත් තැපෑලෙන් ලද ලිපියක් සමාජය පුරා සංසරණය වන්නට හැර,මාධ්‍ය මඟින් ඒ පිළිබඳව ප්‍රචාරයක් දෙමින් ඇත.


අපේ නිරීක්ෂණවලට අනුව ඇය මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔලිම්පික් බොක්සිං විනිසුරුවරියක් ලෙස කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය යටතේ නොවේය.ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් ඔලිම්පික් තරගාවලිය වෙත යොමු කරන ලද විනිසුරුවරුවන්ගේ වැරදි කීරණ සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී ප්‍රශ්න නිසා එම විනිසුරු අවස්ථාවන් සෘජුව නම් කළේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විශේෂ ඒකකයක් මඟින්ය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට තිබූ එම අවස්ථාව වාරණය කළේය.


ජාත්‍යන්තර බොක්සිං සම්මේලන සභාපතිවරයා රුසියානු ජාතිකයෙක්ය.එසේම රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්ගේ සමීපතම හිතවතෙක්ය.මේ නිසාම ඔහු පුටින් සමඟ ගිවිස නොගත් එකඟතාවයක් මත හෝ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගන්නේ නැත.පුටින් ද සිය රටේ ක්‍රීඩකයන්ට එල්ල වූ චෝදනාවලදී නැවත පරීක්ෂාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉඩ නොඳුන් නිසා සහ තවමත් එම ඉඩ ලබා නොදීම නිසාත්,මේ වන විට යුක්රේනයට එරෙහි යුද්ධය නිසාත් රුසියානු ධජය යටතේ ඔලිම්පික් තරගවලට සහභාගි විමේ ඉඩක් නැත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි කිසිඳු ක්‍රීඩා තරගයකට රුසියානු ධජය යටතේ සහභාගි වීමට නොහැකි අතර ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් පවත්වන තරග සඳහා පමණක් සහභාගි වීමේ ඉඩ ඇත.


එහෙත් දැන් තත්ත්වය වෙනස්ය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ හිතුවක්කාරි ලෙස වැඩ කරන ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයට එරෙහිව නැඟණු ලෝක බොක්සිං සම්මේලනයක් දැන් ක්‍රියාත්මක වෙමින් ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැන් පිළිගැනීමට ලක් කරන්නේ එම බොක්සිං කමිටුවය.නෙල්කා ශිරෝමලා සමඟ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වග කියන තරගාවලිවලදී වැඩ කර පිරිස සිටින්නේ දැන් ලෝක සම්මේලනය සමඟය.ඉදිරියේදී වැඩි තරග අවස්ථා හැටියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සංවිධානය කරන සහ ලෝක සම්මේලනය සංවිධානය කරන ඉසව් ද සංවිධානය වෙද්දී රටට වැදගත් වන්නේ කුමක්ද යන්න මෙරට ක්‍රීඩාව ස්පර්ශ කරන සමාජය විසින් තේරුම් ගත යුතුව ඇත.


එසේනම් නෙල්කා ශිරෝමාලා විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය යෝජනා කරන ලිපිය ප්‍රසිද්ධ කිරීමෙන් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය කර ඇත්තේ විශාල වරදක්ය.ඇයට යොමු වූ ලිපිය හරහා යම් කෙනෙක් බොක්සිං සභාපතිවරයා පත් කිරීමේ සටනේ සිටි නෙල්කාව ඉවත් කර බලය සහිත සභාපතිට සමීප පිරිස අඩු කර ඉන් තමන්ගේ පැවත්ම තහවුරු කර ගන්න සිතා ඇත්නම් ඉදිරියේදී ඊට දායක වූ පුද්ගලයින්ට තරාතිරම නොසළකා ශ්‍රී ලංකා බොක්සිං විසින් දඬුවම් දිය යුතුය.වැඩේ නෙල්කාට එක අතකින් තහනම එද්දී අනෙක් අතින් ලෝක බොක්සිං සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දිගු කරන මිත්‍රත්වයේ දෑත සහ සහභාගීත්වය ඉහළින් පිළිගැනීමේ මාර්ගයක් ඇත.


මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පරිස්ස්ම් විය යුත්තේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රතික්ෂේප කර ඇති ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය රජය විසින් පිළිගැනීම තුළ රටේ තවත් ඔලිම්පික් ක්‍රීඩාවන්ට වැටෙන්නට හැකි බාධක ගැනය.මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වී ඇති ඡායාරූපවලින් රටේ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා බොක්සිං සමඟ සිටින බව ඒත්තු ගන්වමින් සිටින්නේය.එය රටේ ඔලිම්පික් ක්‍රීඩාවන්ට නරක තත්ත්වයකි.හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝජිතත්වය දරණ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින්,අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ රග්බි අතුරු කමිටුවක් ප්‍රතික්ෂේප කළ අයුරු මතක ඇත.ඒ වගේම ආසියානු සම්මේලනය ලංකාවේ ඇමතිවරුන් ද අල්ලාගෙන නටන්නට හැදූ ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාව ගැලවීමේ ව්‍යායාමය ආසියානු ඔලිම්පික් කමිටුව විසින් එක් දැණුම් දීමකින් පාලනය කළේය.ඒ නිසා මේ මොහොතේත් අමාත්‍යවරයා රග්බි ව්‍යවස්ථාව එහි බලය ඇති පිරිස් වෙත වෙනස් කිරීම නො‘පවරා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උවමනාව අනුව ගැලවීමට උත්සාහ කරමින් සිටින මොහොතක හිතා මතා හෝ නැතුව මේ වන විට ජාත්‍යන්තරයේ සංසරණය වන ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය සමඟ ගණුදෙනු කරන බවට පළවන ඡායාරූපය ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රිඩාවන්ට විශාල ගැටළුවක් ඇති කරන්නේය.එයට අමාත්‍ය වගකීම ඉතිහාසයේ රගර් සම්බන්ධයෙන් කළ වැඩ ද වත්මන් තනතුරේ ඔඩොක්කුවට දමා කල්පනා කිරීම සාමාන්‍යයෙන් විය හැකි නිසා ඡායාරූපයක් වුව වැරදි දේශපාලන ආහිර්වාදයක් ලෙස ලෝකය කියවීම වැළක්වීමට නොහැකිය.


ජාත්‍යන්තර සබඳතා ඇති මිනිසුන් සැමවිටම සාධාරණ ද වැරදිද ඔවුන් ජාත්‍යන්තරයත් සමඟ එක්ව ගෙන එන න්‍යාය පත්‍ර මේ පොළවේ ඇති ක්‍රිඩාව සමඟ සම්බන්ධවන ආකාරයේ යථාර්තය කුමක්ද යන්න තේරුම් ගැනීමට දේශපාලකයා හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුය.
ඇත්ත තත්ත්වය අනුව මේ වන විට ශ්‍රී ලංකා බොක්සිං, ඔලිම්පික් ඉසව්වක් ලෙස පිළිගැනීම ජාතික ඔලිම්පික් කමිටුවෙන්ම ප්‍රශ්න කර ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සැළකීමට බඳුන් නොකරන ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සාමාජිකයෙකු ලෙස සිටිම නිසා ජාතික ඔලිම්පික් කමිටුව එහි සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනයට ඇති ඉඩ වසා දැමීමට කරුණු විමසා දන්වා ඇත.එයට වත්මන් සභාපතිවරයා පිළිතුරු ලිපියක් ද ලියා ඇත.එහි දක්වා ඇත්තේ වැඩි රටවල් ගණනක් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය සමඟ සිටින බැවින් ශ්‍රී ලංකාව තීරණයකට එළැඹ නැත වැනි අදහසක්ය.


මේ තත්ත්වය මත ශ්‍රී ලංකා බොක්සිං වෙනුවෙන් සමහර පිරිස් ලෝක බොක්සිං සම්මේලනයට සාමාජිකත්වය ගැන යෝජනා කර තිබෙන්නද ඉඩ ඇත.ඒත් එහි විධිමත් භාවය ගැටළුකාරීය.පත් වූ නිලධාරි මණ්ඩලය ඇතැම් අය ඉල්ලා අස් වී ඇත.සමහර චරිත ඉවත් කර ඇත.එසේම සාමාජිකත්වය ඉල්ලා සිටියදී ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ද ලැබෙන පරිදි කටයුතු කිරීමට සිඳුවනු ඇත.එසේම නිවැරදිව විගණන වාර්තාවක් ගිණුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට ද සිඳු වනු ඇත.එසේම නිලධාරි මණ්ඩලය සහිත නිලවරණයකින් සහ සමස්ත නියෝජනය සහිතව පත් වූ නිල මඬුල්ලක් ද ඉදිරිපත් කිරීමට සිඳුවනු ඇත.


මේ තත්ත්වය වත්මන් පරිපාලනයට දුෂ්කර තත්ත්වයක් වන්නේ නම් ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශය එකඟතාවයකට පැමිණ ලෝක සම්මේලනය පිළිගන්නේනම් පමණක් නව බොක්සිං පරිපාලනයක් ඇති කර ශ්‍රී ලංකාවේ බොක්සිං ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස රඳවා ගැනීමට සිඳුවනු ඇත.එය හරහා මේ මොහොතේ ආරක්ෂා කිරීමට රටක් වටින ක්‍රීඩක සම්පතක් ඇත.ඒ උමයංග මිහිරාන්ය.ඔලිම්පික් බලාපොරොත්තුවක් වන ඔහු ගැන රටක් හැටියට එක්ව වැඩ කළ යුතු වන අතර මේ වන විට ශ්‍රී ලංකාවේ බොක්සිං පවතින ආකෘතිය තුළ එම ඔලිම්පික් සිහිනය යථාර්තයක් කරන්නට පියවර නඟන්නේනම් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය වෙනුවට ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සම්මේලනය පිළි ගැනීමට සිදුවනු ඇත.
මේ සම්බන්ධයෙන් මීට පෙර ද ඉන්සයිඩ්ගේම් වැනි විදේශ වෙබ් අඩවි දිගින් දිගටම වාර්තා කළ අතර අප ද විශේෂයෙන් මිහිරාන් කේන්ද්‍ර කර ගනිමින් වෙබ් අඩවියට ලිපි කිහිපයක්ම ලියා මිහිරාන් වෙනුවෙන් රට හරි තැන සිට ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.මේ වන විටත් රටවල් 88 ක් පමණ එකඟව එකතුව ලෝක බොක්සිං සම්මේලනය සමඟ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදය ද ඇතිව ගමන් කරමින් සිටින අතර එම පරිපාලන ව්‍යහුයන් දෙකේම ආශිර්වාදය හිමි නෙල්කා ශිරෝමාලි මේ වන විට සිය විනිසුරු ධූරය හරහා රටටත් කීර්තියක් ගෙනෙමින් ලෝකයේ ශ්‍රී ලංකාව සම්භාවනාවට පත් කරමින් සිටියි.ඊට සාපේක්ෂව ගත් විට මේ වන විට ලෝකයේ බොක්සි පාලනය වන ප්‍රධාන පරිපාලන ව්‍යහුයන් දෙකෙන්ම ප්‍රතික්ෂේපිත සහ පිළිගැනීමක් නොලැබෙන තත්ත්වයක සිටින ශ්‍රී ලංකා බෝක්සිං සිටින්නේ නෙල්කාට වඩා අසරණ තත්ත්යකය.ඇත්ත එබඳු වෙද්දී ඉස්සා මෙන් හිසි මුදුණේම අසූචි තබාගෙන නෙල්කාට ඇඟිල්ල දික් කරමින් සුදනන් වෙන්න දැඟළීම හාස්‍ය දනවන සුළුය.


සිහි බුද්ධියෙන් සිටින සමාජයකට නෙල්කා යනු පොල් කෙන්දකි.එහෙත් බොක්සිං යනු පොල් පරාලයකි.තමන්ගේ ඇහේ ඇති එම පොල් පරාලය නොසළකා නෙල්කාගේ ඇහේ පොල් කෙන්ද පෙන්නන්න යන බොක්සිං මහත්තුරු නෙල්කාට යන්න පාරක් ඇතත්,තමන් පාර වසා ගතහොත් ලංකාවේ බොක්සිං ක්‍රීඩාව සමඟ බෑඳි සිටින දස දහස් ගණනකට පාරක් නැති වනු ඇති බව සිහි තබාගෙන කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා බොක්සිං වෙත යොමු කළ ලිපිය


නෙල්කා ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයකට අදාළව කරුණු දක්වා ඇත්තේම අප මේ ලිපිය තුළ මේ දක්වාම කතා කළ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයට එදිරිව සිටින ලෝක බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන ලද,ඇමෙරිකාවේ කොලරාඩෝ හී පවත්වන ලද තරගාවලියකට විනිසුරු කටයුතුවලට සහභාගි වීම නිසාය.එයින්ම ඇයට පැහැදිළිව අත ඇරෙන ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් තවත් පරිපාලන ව්‍යහුයන් දෙකක ආශිර්වාද සනාත කර ඇත.ශ්‍රී ලංකාවේ බොක්සිං පරිපාලනය සිටින්නේ ළිප ගිනි මොලවන තෙක් දිය සැලියේ.. සැපයක් යයි කකුළුවා දිය කෙළියේ වැනි මානසික මට්ටමකය.නෙල්කා නම් රටට කීර්තිය ගෙනා බොක්සි විනිසුරුවරියට මේ අපවාද ගොඬ නැඟීමට උත්සාහ කරන ක්‍රමයම වැරදිය.ඊට වඩා වැදගත් වගකීමක් බොක්සිං භාර පිරිස රට වෙනුවෙන් කළ යුතුව ඇති තීරණාත්මක මොහොතක ඒ ගැන අවධානය යොමු කරනු වෙනුවට,ඒ වෙනුවෙන් විධිමත්ව පරිපාලන ව්‍යහුය සකස් කර ගැනීම පසෙක ලා පිරිමින් අභිබවා ගිය කාන්තාවකට පුරුෂොත්තමවාදී අදහස්වලින් ගසා දමමින් කරන සෙල්ලම සදාචාරාත්මක නැත.එය ආසන්නයේ ඇති විනාශයට අත වනන, කිසිසේත්ම නොගැලපෙන ක්‍රියාවකි.
මේ වන විටත් රටවල් 84 ක් ලෝක බොක්සිං සම්මේලනයේ සාමාජිකත්වය ගෙන ඇති අතර 2028 ඔලිම්පික් තරගාවලිය පවත්වන ඇමෙරිකාව ද මේ වන විට නියෝජනය කරන්නේ, ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය නොවේය.ලෝක බොක්සිං සම්මේලනය ය.එම සාමාජික රටවල් ප්‍රමාණයද මේ සමග දක්වා ඇත.

සටහන තැබෙන මොහොත වන විට ලෝක බොක්සිං සම්මේලනයේ සාමාජිකත්වය

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan