රුමේෂ් සහ අරුණ අද සිඩ්නි තරග බිමේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 15, (LNW)කොළඹ

Sydney Track Classic – World Athletics Continental Tour Challenger 2025 මලල ක්‍රීඩා සූරතාවලිය අද සිඩ්නි ඔලිම්පික් පාර්ක් ඇත්ලටික් සෙන්ටර් හී දී පැවත්වෙනවා.එහිදී එරට වේලාවෙන් පස්වරු 12.30 ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙල්ල වීසිකිරීමේ ඉසව්වට රුමේෂ් තරංග සහභාගි වෙනවා.රුමේෂ්ට අමතරව මෙම තරගාවලිය නියෝජනය කරන අරුණ දර්ශන මීටර් 400 තරගයට සහභාගි වන්නේ එරට වේලාවෙන් පස්වරු 1.57 ට යි.


හෙල්ල වීසි කිරීමේ ඉසව්වට සහභාගිවන ක්‍රීඩකයන් අතරේ හොඳම පෞද්ගලික දකෂතාවය මෙන්ම හොදම කාලීන දක්ෂතාවයද දක්වා ඇත්තේ රුමේෂ් තරංග ය.ඔහු සතුව තිබුණු මීටර් 85.45 ක ශ්‍රී ලංකා වාර්තාව නැවතත් සුමේධ රණසිංහ ඉකුත් සතියේදී මීටර් 85.78 ක දක්ෂතාවයකින් අත්පත් කර ගැනීමෙන් පසුව තරග බිමට එන රමේෂ් අද නැවතත් ජාතික වාර්තාව සිය නමට ලියා ගැනීමට උත්සාහ දරණු ඇතැයි සිතිය හැකියි.
එසේම මීටර් 400 පිරිමි තරගයට ඉදිරිපත්වන අරුණ දර්ශන මේ වසරේ තරග බිමට පිවිසෙන පළමු අවස්ථාව මෙය වන අතර ඉකුත් වසරේදි ඔහු එම ඉසව්ව වෙනුවෙන් තත්පර 44.99 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.එම දක්ෂතාවය මේ ඉසව්වට අද තරග වඳින ක්‍රීඩකයින් අතර හොඳම පෞද්ගලික දක්ෂතාවයද වෙනවා.
ක්‍රීඩකයින් දෙදෙනාම ඉදරියෙන් සිටින අතර ඔවුන්ට මේ තරගයේදී සිඩ්නි හී සිටින ලාංකේය ජනතාව දෙන සහයෝගයද වැදගත් වනු නිසැක බැවින් අප ඉල්ලා සිටින්නේ මේ ක්‍රිඩාංගණය අවට සිටින ලාංකිකයන්ට ඔබේ වේලාව මදක් රුමේෂ් සහ අරුණ වෙනුවෙන් කැප කරන ලෙසයි.

http://www.sportwaynews.com/


.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...