පකිස්ථානයේ දුම්රිය පැහැරගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවට චොදනා

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා නීති විරෝධී බලුකිස්තාන විමුක්ති හමුදාවේ (BLA) සාමාජිකයින් විසින් මඟින් 400ක් සහිතව බලුකිස්තාන් ප්‍රදේශයේ ජැෆර් එක්ස්ප්‍රස් දුම්රිය පැහැර ගැනීම හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු මියයාමත් සමඟ ඉන්දියාව රටේ නිරිත දෙසින් සටන්කාමී කණ්ඩායම්වලට අනුග්‍රහය දක්වන බවට පකිස්ථාන හමුදාව චෝදනා කර තිබේ.

සිකුරාදා ඉස්ලාමාබාද්හි පැවති මාධ්‍ය හමුවකදී හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් ප්‍රකශ කර තිබුණේ, බලුකිස්තානයේ සහ ඊට පෙර වෙනත් රටවල සිදු වූ මෙම ත්‍රස්තවාදී සිද්ධියේදී, ප්‍රධාන අනුග්‍රාහකයා ඔබේ නැගෙනහිර අසල්වැසියා වන ඉන්දියාව වන බවයි.

කෙසේ නමුත් පැය 36ක මෙහෙයුමකින් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදවාගෙන ඇති අතර දුම්රියට එල්ල වූ ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදය, චීනය, තුර්කිය, ඉරානය සහ එක්සත් රාජධානිය ඇතුළු ජාත්‍යන්තරව හෙළා දැක ඇති අතර ඉන්දියාව සියලුම චෝදනාවන් ප්‍රතික්ෂේප කර තිබේ.