ට්‍රම්ප් පාලනයෙන් මාධ්‍ය ආයතනවලට එල්ල වන බලපෑම් සහ තර්ජන

රෂිකා හෙන්නායක මාර්තු 15 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානය සමඟ පවතින යුද්ධය පිළිබඳ විවේචනාත්මක පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කර ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ (FCC) සභාපතිවරයා රජයේ මතයට පටහැනි වාර්තාකරණයන් “ව්‍යාජ පුවත්” ලෙස හඳුන්වමින් ඒවා නිවැරදි නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා ඇත.

නිදහස් මතධාරීන් සහ දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ මෙය මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතල තර්ජනයක් සහ වාරණයක් බවයි.

රජය විසින් යුද්ධයේ සාර්ථකත්වය පෙන්වීමට උත්සාහ කළද, මහජන මතය ඊට එරෙහි වීම නිසා මෙවැනි පීඩනයන් එල්ල කරන බව වාර්තාවල සඳහන් වේ.

තවද, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් දේශප්‍රේමී වාර්තාකරණයක් ඉල්ලා සිටිමින් මාධ්‍යවේදීන්ගේ ස්වාධීනත්වය සීමා කිරීමට උත්සාහ දරන බවද විදෙස් මාධ්‍ය අවධාරණය කෙරේ.