අලියා විසින් රාජපක්ෂලාව ආරක්ෂා කරමින් ජනතාව පාගා දමමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වර්තමානයේ රට තුළ ඇත්තේ ජනතාවගේ ජීවිත විනාශ කරන රාජපක්ෂ ආරක්ෂා කරන අලියාගේ ආණ්ඩුවක් බවත් මේ අලි කපුටු පොහොට්ටු සන්ධාන ආණ්ඩුව රටේ ආර්ථිකය, ජන ජීවිතය කුඩා කර බදු බර සහ බඩු මිල වැඩි කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමේ තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මිනිස්සුන්ව මරණ මංචකයට යවා රට ගොඩ ගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මේ ආණ්ඩුව හොරු ඇල්ලීමක් සිදු නොකරන බවත් ඔවුන් හොරු සමඟ ඩීල් ගසමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය ඩීල් දමන්නේ ජනතාව සමඟ මිස හොරු සමඟ නොවන බව ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොටහේන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දී ය.

ජනාධිපතිවරයා පවසන ආකාරයට උද්ඝෝෂණ තහනම් බවත් ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට තහංචි දමන මේ ජනාධිපතිවරයා ඊට උත්තර ලබා දෙන්නේ බැටන් පොල්ලෙන් කඳුළු ගෑස් එකෙන් පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කශේරුකාවක් ඇති ජනතාවගෙන් අහන්නේ මේ නිවට පාලනයට විරුද්ධව කට වහන් ඉන්නවා ද නැත්නම් පළාත් පාලන මැතිවරණයෙන් පසු පාරට බැස මේ දුර්දාන්ත ආණ්ඩුව එළවා දැමීමට එකතු වෙනවාද යන්න බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...