අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුගෙන් ජනපතිට ලිපියක් ..

Date:

අස්ගිරි හා මල්වතු මහනාහිමිවරු අවධාරණය කරන්නේ, මේ තීරණාත්මක අවස්ථාවේ රට ආර්ථික වශයෙන් යළි ස්ථාවර කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සිය යුතුකම් හා වගකීම් මනාව වටහාගෙන කටයුතු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ප්‍රායෝගික තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පසුගිය කාලවකවානුව පුරා පෙන්වා දී තිබෙන බවයි.

තවදුරටත් උන් වහන්සේලා පවසන්නේ මහජන සුබසිද්ධිය උදෙසා පක්ෂ දේශපාලන න්‍යායපත්‍රයන් ඉවතලා ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද නැවත අවධාරණය කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්, රට තුළ උද්ගතව තිබූ දැඩි ආර්ථික, දේශපාලන හා සමාජීය ස්ථාවරත්වය සමනය කර ස්ථාවරත්වයක් ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රසංශාව පළ කරන උන් වහන්සේලා, ඉහළ යන ජීවන වියදම පහත හෙළා මහජන පීඩාවන් අවම කොට සමාජ නොසන්සුන්තාව සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...