විරේන් නෙදර්ලන්තයේ දී අවසන් අට දෙනා අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 16, කොළඹ (LNW): විරේන් නෙත්තසිංහ නෙදර්ලන්තයේ පැවත්වෙන FZ FORZA Dutch International 2024 තරගාවලියේ අවසන් අට දෙනා අතරට පිවීසීමට සමත් වුණා.මෙම තරගාවලිය නායේජනය කර බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතර අංක එකේ ක්‍රීඩකයා හැටියට ශ්‍රේණිගතව සිටින විරේන් සිය පළමු ප්‍රතිවාදියා වූ හෙන්ග් ලින් පරාජයට පත් කළේ වට 2-0 ක් ලෙසයි.විනාඩි 27 ක් ගත වූ මෙම තරගයේදී ලකුණු තත්ත්වය 21 -14 ක් සහ 21 – 10 ක් ලෙස පරාජය වුණා.


විරෙන් සිය දෙවන තරගයේදී ස්විට්සර්ලන්තයේ ජුලියන් ස්කේවිලර් හමු වුණා.විනාඩි 8 ක් ගත වෙන තැන ලකුණු 13 – 4 ක් ලෙස විරේන් ඉදිරියෙන් සිිටියදි ජුලියන් තරගයෙන් ඉවත් වූ නිසා විරේනට ජය හිමි වුණා.අවසන් අට දෙනා අතර පැවත්වෙන තරග වටයේදී යළිත් විරේන්ගේ ප්‍රතිවාදියා ලෙස හමුවන්නේත් යුරෝපීය ක්‍රීඩකයෙකුයි.ස්වීඩනය නියෝජනය ඇන්ඩි ෆැඩෙල් මුහම්මද් මේ තරගයේදී විරේන්ගේ ප්‍රතිවාදියා ලෙස සටනට පිවිසෙනවා.


ඉකුත් දිනක ශ්‍රී ලංකාව නිර්මාණය කළ අංක එකේ බැඩිමින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න සමුගැනීමේ අවස්ථාවේදී ද මාධ්‍ය විසින් මතු කරන ලද කරුණු හමුවේ වර්ථමාන බැඩිමින්ටන් පරිපාලනය හොඳින් ක්‍රියාත්මක වන බවත් විරේන් නෙත්තසිංහ මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරනු ඇති බවට තමාට විශ්වාසයක් තිබෙන බවත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...