අකීබ්ගේ වේගය ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 16, කොළඹ (LNW): පකිස්තානයේ හිටපු වේග පන්දු යවන්නෙක් වූ අකීබ් ජාවේඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස භාර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.1992 දී ලෝක කුසලානය දිනූ පකිස්තානු කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අකීබ් 1988 සිට 1998 තෙක් සිය ක්‍රිකට් ක්‍රීඩක ජිවිතය තුළ කැපී පෙණින.අවුරුදු 16 න් පමණ ජාතික කණ්ඩායම නියෝජනය කළ අකීබ් අවුරුදු 26 දී ක්‍රිකට් ක්‍රීඩාවට විශ්‍රාම දී ක්‍රමයෙන් සිය තරුණ ජවය ක්‍රිකට් පුහුණුව සඳහා යෙදවීය.අඩුම වයසෙන් එක්දින කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙස හඳුන්වන අකීබ් එම දස්කම දැක් වූවේ ඉන්දියාවට එරෙහිව 1991 ඔක්තෝම්බර් 25 වන දා ය.එවිට ඔහුට වයස අවුරුදු 19 දින 81 පමණක් විය. එසේම අකීබ් ටෙස්ට් කඩුුලු 54 ක් සහ එක්දින ජාත්‍යන්තර කඩුලු 182 ක හිමිකරුවෙක්ය.


ක්‍රීඩක ජීවිතයේදී මෙන්ම පුහුණුකරු ජිවිතයේ දී ද සාර්ථක වීම එතරම් පහසු නැත.එහෙත් අකීබ් එම කාර්යයන් දෙකම පහසුවෙන් සාර්ථක කර ගත් ලකුණු පෙනෙන්නට ඇත.ඇතැම් විට ඔහුගේ පුහුණුකරු ප්‍රවේශයද සිඳුවන්නේ තරුණ වියේදීම වීමත් එයට බලපාන්නට ඇත.ඔහු අවුරුදු 32 දී පකිස්තානයට අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය දිනා ගන්නට මග පෙන්වීය.පකිස්තානයේ පන්දු යැවීමේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ද වූ අකීබ් පසුව ඉන් ඉවත්ව එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පන්දු යැවීමේ පුහුණුකරු ධූරයට සහ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් විය.2016 දී අකීබ්ගේ මඟ පෙන්වීම මත එම කණ්ඩායම ලෝක කුසලාන එක්දින තරගාවලිය නියෝජනයට අවශ්‍යය සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය.
ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පුහුණුකරුවෙක් ලෙස ද යහපත් ඉතිහාසයක් ඇති අකීබ්,ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය යහපත් කිරීමට මිය දැණුමෙන් සේවයක් කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.අපි අකීබ්ටත් ශ්‍රී ලංකා කණ්ඩායමටත් සුභ පතමු.!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...