ඉන්ධන ප්‍රවාහනයත් නවතී. පෞද්ගලික බවුසර් හිමියන් වැඩවර්ජනයක !

Date:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් කරගැනීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, ප්‍රමාණවත් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකිරීමට විරෝධය පළ කරමිනි.

ඩීසල් මිල ඉහළ යාම මෙන්ම ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සලකා ඉන්ධන ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළ නංවන ලෙස තමන් තෙල් සංස්ථා පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියත් ඔවුන් ඩීසල් මිල ඉහළ යාම පමණක් සලකා බලා 17%ක ගාස්තු වැඩිකිරීමක් පමණක් සිදුකර ඇති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසන්නේ.

ඩීසල් මිල පමණක් නොව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සෙසු වියදම් ද ඉහළ ගොස් ඇති නිසා එම ගාස්තු වැඩිකිරීම ප්‍රමාණවත් නොවන බව තෙල් සංස්ථාවට දන්වා සිටියත් ඊට විසඳුමක් නොලැබුණු නිසා මෙසේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වීමට ඊයේ සවස පැවති සිය සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

තෙල් සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා පෞද්ගලික බවුසර් 800ක් පමණ සේවයෙහි යොදවා ඇති අතර ඊයේ දිනයේත් කොලොන්නාව නිමාව කරා මෙම බවුසර් පැමිණිමෙහි අඩුවක් දක්නට ලැබී තිබිණි. ඒ හේතුවෙන් ඊයේ දිනයේ ද සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත නියමිත පරිදි ඉන්ධන නිකුත් කිරීමට නොහැකි වී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...