දැඩි තීන්දු ගැනීමට සූදානම් – ජනපතිගේ විශේෂ ප්‍රකාශය

0
23696

ඩොලර් අර්බුදය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රටේ ජනතාව විඳින පීඩා සම්බන්ධයෙන් තමා පූර්ණ දැනුවත්භාවයක සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජාතිය අමති විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ජනතාව විඳින පීඩාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා දැඩි තීන්දු ගැනීමට තමා පසුබට නොවන බවත්, එසේම තමා ගන්නා තීන්දු සම්බන්ධයෙන් පූර්ණ වගවීමෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here