මගේ පර්චස් හැටේ රිලව් තුනයි. සංගණනය ඉතාම සාර්ථකයි. හොඳ දත්තයක් ලැබෙයි – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වගා හානිකරන සතුන් පිළිබඳ දීපව්‍යාප්ත සංගණනය ඊයේ (මාර්තු 15) පෙරවරුවේ ඉතාමත්ම සාර්ථකව සිදුවූ බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ඉතාමත්ම සාර්ථකව සත්ව සංගණනයට රටේ බහුතරයක් ජනතාව, වතු හිමියෝ, ඉඩම් හිමියෝ, වගා හිමියෝ සම්බන්ධ වෙලා තිබෙනවා බොහොම උනන්දුවෙන්. මගේ වත්තෙත් මගේ බිරිඳ සහ පුතා ඒ ගණන් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වුණා. පර්චස් 60කට ආසන්න පොඩි ඉඩම් කැබැල්ලක් නිසා ඒ අයට ඒක කරන්න පුළුවන්. මගේ වත්තෙත් රිලව් තුන් දෙනෙක් මේ වෙනකොට ඉඳලා තියෙනවා. මම එතැන ඉන්නෙ නැතිව මම ආවා මට ආසන්නම විහාරස්ථානයට. වේරගල රජමහා විහාරයට ආවා. අපෙ හාමුදුරුවන් වහන්සේලාත් සම්බන්ධ වෙලා ඒ මොහොතේ සංගණන කටයුත්තට මමත් පෞද්ගලිකවම සම්බන්ධ වුණා. ඒ අනුව එම භූමියේ ඒ වෙලාවෙ රිලව් 38ක් දර්ශනය වුණා. හැබැයි ඊට වඩා ප්‍රමාණයක් එන බව තමයි හාමුදුරුවන් වහන්සේලා ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම මේක හාස්‍යයට ලක් කරමින්, උපහාසයට ලක් කරමින් විවිධ ආකාරයෙන් දේවල් කියපු අයත් මේ වෙලාවේ බොහොම ඕනෙ කමෙන් මතක් කරනවා. මොකද ඒගොල්ලො ඒ කරපු වැඩෙන් ඇත්තටම මේකට සමාජයේ ලොකු අවධානයක් හැදුණා. එහෙම නම් මේකත් එක්ක අපි විශ්වාස කරනවා රිලවා, වඳුරා, දඬුලේනා, මොනරා පිළිබඳව හොඳ දත්තයක් අපිට ලබාගන්න පුළුවන්. ඒ දත්ත පදනම් කරගෙන අපිට ඊළඟ පියවර මොකක්ද කියන කාරණයට අදාළව සාකච්ඡා කරලා අපට එතෙන්ට ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඒ නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු රටේම එකම වෙලාවකට ලක්ෂ ගාණක් ජනතාව සම්බන්ධ වෙච්ච සමීක්ෂණ කටයුත්තක් විදියට මේක හඳුන්වන්න පුළුවන්”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ පෙරවරුවේ වේරගල රජමහා විහාරස්ථානයට සිය ආධාරකරුවන් සහ මාධ්‍ය සමග ගොස් රිලවුන් සංගණනය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...