දකුණු ඇමරිකාව හරහා හමා ගිය ටොනේඩෝ කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඇමරිකාවේ මාරාන්තික ටොනේඩෝ කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේවන විට ප්‍රාන්ත 25 කට ටොනේඩෝ 19ක බලපෑම් එල්ලවී ඇති අතර ඊයේ(13)දිනය වන විට ටෙක්සාස්, මිසූරි සහ ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත හයක දේපළ 240,000 කට වැඩි ප්‍රමාණයක් විදුලිය ඇණහිට ඇති අතර කලාපය සඳහා තවදුරටත් දරුණු කාලගුණයක් අපේක්ෂා කරන අතර, මධ්‍යම මිසිසිපි, නැගෙනහිර ලුසියානා සහ බටහිර ටෙනසි වෙත ටොනේඩෝ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

මිට අමතරව ගිනිකොන දෙසින් දැඩි කාලගුණයක් පවතින බැවින්, එම ප්‍රාන්ත තුනෙහිම මෙන්ම ඇලබාමා සහ ආකැන්සාස් හි සමහර ප්‍රදේශවලද හදිසි ගංවතුර සහ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ජාතික කාලගුණ සේවය (NWS) පවසා ඇත්තේ මෙම හදිසි ගංවතුර මාරාන්තික විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...