වැලිගම වෙඩිතැබීම : දේශබන්දු හැර සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකට අදාළව සිදුකෙරෙන විමර්ශනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු එම සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

කෙසේවෙතත් පොලිස්පති ධුරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවත් එම නිවේදනයෙන් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...