*
Monday, September 23, 2024
spot_img

Latest Posts

අප්‍රේල් 25 ඡන්දයට වෙන්න යන දේ – පැෆරල් සංවිධානය කියයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කළ පරිදි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීම ඉතාම අවිනිශ්චිත බවත්, රජය අධිකරණ තීන්දුවට අවනත නොවන පසුබිමක මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත් පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.

ඒ පිලිබඳ එහි රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ පැහැදිලි කළේය.

“මේ වනවිට තියන තත්ත්වයන් වුව ඉතාම පැහැදිලියි ඉතාම සරලයි 25 වනදාට පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බවට පෙනේන්නට නැහැ. මෙම තත්වය ඉතාම කනගාටුයි. පැෆැරල් සංවිධානය ලෙස මුල සිටම අපි මෙම මැතිවරණ පැවැත්වීම පිලිබදව පෙනිසිටියා. අපි කිසිසේත්ම විශ්වාස කලේ නෑ මේ ආකාරය ට ආණ්ඩුව ව්‍යවස්ථාපිතව මේ රටේ පුරවැසියන්ට අයිතිව තිබෙන සර්වජන ඡන්ද බලය පැහර ගන්නට ආණ්ඩුව ක්‍රියා කරයි කියලා. මොන බාධක ආවත්, යම් ප්‍රමාදයක් සිදු වුවත් මැතිවරණය පවත්වාවියයි යම් විශ්වාසයක් තිබුනා. මේ වනවිට අධිකරණය පවා නොසලකා හරින තත්වයට ආණ්ඩුව පත්ව තිබෙනවා.

එහි බරපතලම කාරණය තමයි මේ රටේ මූලික පැවැත්මට අත්‍යවශ්‍යම බලයේ සංතුලනය බිඳ වැටෙන ආකාරයට සමබරතාවය බිඳ වැටෙන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටිනවා. ව්‍යවස්ථාදායකය හා විධායක අධිකරණය යන කුළුණු තුන සමබරව වුනොත්තමයි මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ. නමුත් පහුගිය කාලය තුල, විධායකය මැතිවරණය කල් දැමීමට වෙසෙන බවක් තමයි අපිට දැකගත හැකි වන්නේ. මේ වන විට ව්‍යවස්ථාදායකයන් ඒ සඳහා ක්‍රියා කරමින් සිටින බවයි පෙනී යන්නේ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණය විසින් ලබා දීපු තීන්දු වලට විවේචනය කරන තත්වයකට අද රටම පත්වෙලා තිබෙනවා. එසේම අද අධිකරණයේදී තීරණ නොසලකා හරින තත්වයකට රටේ පාලකයන් පත වෙලා. එය ඉතාමත් බරපතළ තත්ත්වයක්. මේ වන විට අපට පේන්නට තිබෙන්නේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිනොගන්න තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙය ක්‍රියාවලිය ආරම්භයේ සිට හොඳින් නිරීක්ෂණය කිරීමේ දී ඉතාමත් පැහැදිලිය ආණ්ඩුව මේ වන විට ඡන්දෙ වැළැක්වීම සඳහා උත්සාහයන් තිහකට අධික ප්‍රමාණයක් යොදවමින් සිටිනවා දුටු නමුත්අ, ප සිතුවා අවම වශයෙන් අධිකරණයේ තීන්දුව ට වත් හිස නමයි කියා.නමුත් මේ වනවිට අධිකරණයත්‍ නොසලකා හරින තත්වයට ආණ්ඩුව පත්ව ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තත්වයක්.

ජනතාව තම අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව ක්‍රියාත්මක කිරීමට පෙළඹුන හොත්එයින් ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳ ආණ්ඩුව පැහැදිලිවම වගකිව යුතු වන අතර අප ඉල්ලා සිටින්නේ රටේ එවැනි ගැටුම්කාරී තත්ත්වයක් නොවන ආකාරයට කටයුතු කරන්නට විධායකයත් ව්‍යවස්ථාදායකයක් එකට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ මොහොතේ තියෙන බවත්ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රටේ මූල්‍ය බලය ස්ථාපිතව තිබෙන පාර්ලිමේන්තුවෙනුත් අප ඉල්ලා සිටින්නේ ජනතා අයිතියට අත තබන්නට එපා කියලා “

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan