*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවීන්ට නොමිලයේ

වගා කන්න 03 කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) දින පාන්දර කොළඹ වරායට පැමිණියේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් මෙම මඩ පොහොර ලබා දී තිබෙන බවයි.

2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති බව ද ඔහු පැවසුවේය.

මෙම පොහොර තොගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිත බව සඳහන්.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan