විජිතට එරෙහිව කෝප් සභාපති රෝහිත නඩු මගට !

Date:

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී තමන්ට “හොරෙක්” යැයි පවසමින් අපහාස කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අදාළ මාධ්‍ය හමුවේ වීඩියෝ පට මේ වනවිටත් තම නීතීඥවරුන්ට ලබාදී ඇති අතර ලබන සතියේදීම විජිත හේරත් මහතා වෙත එන්තරවාසි යොමුකරන බවයි අබේගුණවර්ධන මහතා සඳහන් කළේ.

“ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා මට හොරෙක් කියලා කියනවා. එතුමාට පුළුවන් අන්න ඒ චෝදනා අධිකරණය ඉදිරියට ඇවිල්ලා ඉදිරිපත් කරන්න. එනිසා මගේ නීතීඥ මහත්වරු හරහා එන්තරවාසිය ලබන සතියේම යවන්න බලාපොරොත්තු වෙනවා. එතුමාට රිය අනතුරක් සම්බන්ධයෙන් හරි තියෙනවා නඩුවක්. මම දන්නෙ නෑ එතුමා බීලා හිටියාද නැද්ද කියන එක. එතුමාට ට්‍රැෆික් නඩුවක්වත් තියෙනවා, මට ට්‍රැෆික් නඩුවක්වත් නෑ. ජනතා විමුක්ති පෙරමුණ ඉපදිලා තියෙන්නෙම වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්. මම හිතන්නෙ ඒක ජන්ම ගතියක් වෙන්න ඕනෙ. මේක අරින්න බෑ. බල්ලො බිරුවාට කඳු පාත්වෙන්නෙ නෑ. එනිසා ඕනෙ තරම් මඩ ගහන්න, හැබැයි අපි නීතිමය ක්‍රියාමාර්ගය නියත වශයෙන්ම මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගන්නවා. තමුන්නාන්සෙගෙ පෞද්ගලික වෛරය කරුණාකරලා ගලවලා තියන්න, පාර්ලිමේන්තුවට ඇතුළ් වෙනකොට ගලවන්න. ආපහු ගලවපු සෙරෙප්පු දෙක වගේම මාත් එක්ක තියන වෛරය දාගෙන යන්න. මේක දේශපාලනයට ගාවාගන්න එපා. වෛරය වැඩිකරගන්න එපා, කැතවෙනවා, අවලස්සන වෙනවා, ආයුෂ අඩුවෙනවා”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විජිත හේරත් මහතා පසුගිය දිනක පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී “IMF එකට කොච්චර පොරොන්දු දුන්නත් වංචා දූෂණ නැති කරනවා කියලා, රටම දන්නවා කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කළා තවත් හොරෙක්. එතකොට හොරු අල්ලන්න හොරෙක් පත්කරලා කවදාවත් මේක කරන්න බෑ. සම්ප්‍රදායත් උල්ලංඝනය කරලා තමයි රෝහිත අබේගුණවර්ධන මහත්තයාව මේ කෝප් කමිටුවේ සභාපති හැටියට පත් කළේ” යැයි පවසා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...