සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 17, කොළඹ (LNW): නිසි වැඩපිළිවෙළක් , වී මිලදි ගැනීම සඳහා තවමත් නොමැති බවට ගොවීන් තම කනස්සල්ල පලකරයි.
ගොවින් පවසන්නේ තමන්ට වී කිලෝග්‍රෑමයක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 85ත් 90 ත් අතර මිලකට බවයි.
නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 105 කටත් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 කටත්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් මිලදී ගන්නා බව , වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.
නමුත්, වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවන මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.