අද අවසන් ගමන් යන කැනඩාවේ ශ්‍රී ලාංකික මල් කැකුළු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය,  ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ දායක සභාව හා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහයෙන්, අද (17) දින කැනඩාවේ ඔටාවාහීදි ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

පසුගියදා කැනඩාවේ ඔටාවාහි බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය වූ අතර, එලෙස ඝාතනයට ලක් වූයේ කුඩා ළමුන් 4 දෙනෙකු ඔවුන්ගේ මව හා තවත් ශ්‍රී ලාංකිකයෙක් වේ.

සිද්ධියෙන් මියගිය දරුවන්ගේ පියා තුවාල ලැබූ අතර, ඝාතන සම්බන්ධයෙන් සැකපිට 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගැනු ලැබීය.

අදාල තරුණයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අතර නඩු විභාගය ලබන 28  වැනිදා යළි කැඳවීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, ඝාතනවලට නිශ්චිත හේතුව සැකකරු තව දුරටත් හෙළිදරව් නොකළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...