කුඩු සලිඳු සහ හරක් කටාගේ ජංගම දුරකථන සහ පාස්පෝට් අස්ථානගත වෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබියදී , රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හරක් කටාට අයත් ජංගම දුරකථන දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් හා කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වී ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් , ඒවා සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.

හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව පසුගිය වසරේ මාර්තු 15 වැනි දා ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු භාරයේ තිබී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...