දෙවන දිනයටත් පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය

0
404

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ දෙවන දිනය අදයි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් මෙම ජංගම සේවාව ඊයේ ආරම්භ කළ අතර එය අද දවස පුරා ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධාන කර ඇත.

දෙවන දිනයේද කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රදානත්වයෙන් වන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුලු පිරිසක් ද ඊට එක්ව සිටි බව වාර්තා වේ.

විදේශ ගත වීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට අන්තර්ජාලය හරහා රැකියා සොයා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සපුරා ගත යුතු සුදුසුකම් වෘත්තිය හා භාෂා දැනුම පිළිබඳ වැඩසටහන් අද දවස පුරා පැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන් වේ.